Cricket NewsEXCLUSIVE

ආබාධය පසෙක තබා වගකීම කරටගත් B-LOVE නායක වනිඳු හසරංගගෙන් විශිෂ්ඨ ඉනිමක් – මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ වනිඳුට !

මෙවර LPL තරඟාවලිය නිමාවන්නට තවත් දින දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ.අද තීරණාත්මක අවසන් පූර්ව තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී Galle Titans හා B Love Kandy කණ්ඩායම් තරඟ වදිනවා.

එහිදී B love Kandy කණ්ඩායම වෙනුවෙන් නම් දැරූ පිතිකරුවන් වගකීම් විරහිත අන්දමින් පිතිකරණයේ යෙදෙද්දී නායකත්වයේ වගකීම උරමතට ගත් වනිඳු හසරංග පන්දු 30 කදී ලකුණු 48 ක් රැස් කලේ ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වෙමින්.

පාදයේ ආබාධයක්ද සමඟින් විටින් විට සැලකිය යුතු ලෙසින් අපහසුතාවයට පත්වෙමින් මෙම ඉනිම දියත් කිරීම විශේෂත්වයක්.

එමෙන්ම මෙවර තරඟාවලියේ ඉහළම ලකුණු ලාභීන් අතර පෙරමුණ දක්වා ඉහළට පැමිණෙන්නට වනිඳු හසරංග සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button