Cricket NewsEXCLUSIVE

“සැතපුම් ගණනාවක් දුරින් සිටියත් මට එය දැනෙනවා” – භානුක රාජපක්ෂත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා ජනතාවට සහය පළ කරයි.!

මේ වනවිට ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව දැඩි පීඩනයකට ලක් වී සිටිනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් එදි නෙදා භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල පවා මිල සිතාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය කපා හැරීම ද මේ දිනවල ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් විරෝධය පල කරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ තැනින් තැන බොහෝ උද්ඝෝෂණ පැවැත් වෙනවා.

මේ අතර ලෝකයේ දැවැන්තම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටින භානුක රාජපක්ෂ මේ පිළිබඳව විශේෂ සටහනක් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ ජනතාව සතුරා නොවන බව පාලකයන් මතක තබා ගත යුතු බවයි.

වනිදු තැබු සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

“මම සැතපුම් ගණනාවක් දුරින් සිටියත්, මගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් සෑම දිනකම ජය ගැනීමට අරගල කරන විට ඔවුන්ගේ වේදනාව මට දෙන්නව, දැන්, ඔවුන්ගේ හඬ යටපත් කිරීමේ උත්සාහයක් ලෙස, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා යටපත් කර තිබෙනවා. නමුත් මිලියන 22 ක හඬක් එක ලෙස නැඟෙන විට එය නොසලකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ඇහුම්කන් දිය යුතුයි. ශ්‍රී ලංකාවේ ජනතාව සතුරන් නොවන බව මතක තබා ගන්නා ලෙස අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

– භානුක රාජපක්ෂ

නිල සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7