Cricket NewsEXCLUSIVEPremier League

නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මවුන්ට් මවුන්ගනුයිහිදී ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී වෙලිංටන් කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරි අතපත්තු සමත් වූවාය.

එහිදී ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත් චමරි, උඩ පන්දු 2 ක්ද රැකගත් අතර පිළිතුරු ඉනිමේදී පන්දු 16 කින් හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් රැස්කිරීමටද ඇය සමත් වූවාය. ඇයගේ දස්කම් හමුවේ එම තරගයෙන් වෙලිංටන් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායමට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button