Cricket NewsEXCLUSIVE

“අපිට හොද අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේ, මම හිතනවා අපිට එක්දින සහ විස්සයි -20 තරගාවලිය ජය ගන්න පුළුවන් කියලා” – ශ්‍රී ලංකා නායක දසුන් ශානක

හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් අතර විස්සයි-20 තරඟාවලියෙන් මෙම තරඟ සංචාරය ඇරඹෙනවා.

හෙට ආරම්භ වන මෙම තරඟාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයන් කිහිපයක් සහ තරඟ සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කර සිටියා, එහිදී තම කණ්ඩායම සතුව ශක්තිමත් පිතිකරණ බලඇණියක් මෙන්ම ලෝක මට්මටමේ පන්දු යැවීමේ බලඇණියක් සිටින බව දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන් ශානක – “අපි සතුව ඉන්නවා දක්ෂ ක්‍රීඩකයෝ. භානුක , චරිත් , දනුෂ්ක කුසල් මෙන්ඩිස් ඇතුලු අංක 8 ස්ථානය දක්වාම ඉන්නේ ඕනේ වෙලාවක හයක් ගහන්න පුළුවන් ක්‍රීඩකයින්. කඩුලු රැකීමේ වගකීම අපි කුසල් මෙන්ඩිස්ට භාර දීලා තියෙන්නේ. මම හිතනවා අපිට හොද අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේ. අපේ ක්‍රීඩකයෝ IPL එකේදී හොදින් ක්‍රීඩා කරා. ඔවුන් බලාගෙන ඉන්නේ රටට කීර්තියක් අරගෙන දෙන්න. ”

“ඒ වගේම පන්දු යැවීම ගත්තොත් ලෝක මට්ටමේ පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. ලෝක කුසලානයේ ඉදන්ම මේ ක්‍රීඩකයින් තමයි අපේ කණ්ඩායමේ ක්‍රීඩා කළේ. මම හිතනවා පන්දු යැවීමේ අංශයෙන් විශේෂ දායකත්වයක් මේ තරගාවලියට තියෙයි කියලා.”

“ඒ වගේම සල්ලි නැති කාලෙක අපේ ප්‍රේක්ෂකයෝ පෝලිම් වල ඉදලා ටිකට් එකක් අරගෙන මැච් එක බලන්න එනවා. ඒකට අපි උපරිම සාධාරණයක් කල යුතුයි. අපිට එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ජයගැන්මට පුළුවන් වෙයි කියලා මම හිතනවා.”

“පසුගිය තරගාවලි දෙක ගත්තොත් පිතිකරණයේ පසුබැසීමක් තිබ්බේ නෑ. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වුණා, ආබාධවලට මුහුණ දුන්නා ක්‍රීඩකයින්. ඒ නිසයි අපේ කණ්ඩායම් දක්ෂතා නැති වුණේ. අපේ සම්පූර්ණ කණ්ඩායමම හිටියනම් ඔස්ට්‍රේලියානු තරගාවලියෙත් ඉන්දීය තරගාවලියෙත් අනිවාර්යයෙන්ම අපිට ඒ තරගාවලි දෙකම ජයග්‍රහනය කරන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා.”

මෙම මාධ්‍ය හමුවේදී විස්සයි-20 තරගාවලිය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුව සම්බන්ධයෙන් මෙන්ම අංක 3 පිතිකරු සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නායකයා අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ පිළිබඳව අදහස් දැක්වූ දසුන්,

“බවුන්ස් අඩු කරලා තමයි අපි තණතීරු යොදා ගන්න බලාපොරොත්තුවෙන්නේ. අංක 3 අපේ දිගින් දිගටම ක්‍රීඩා කළේ චරිත් අසලංක. අපි තාම කතා කරගෙන යනවා, මොකද අපේ වමත් පිතිකරුවන් වැඩිපුර ඉන්න නිසා කණ්ඩායම සමබර කර ගන්න ඕනෙ. ඒ ගැන අවසන් තීරණය අද ගන්නවා.”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7