Cricket NewsEXCLUSIVE

“අපේ දස්කම් වල අඩුවක් නෑ, ශාරීරිකවත් අපි ශක්තිමත්, කණ්ඩායම පොඩ්ඩක් මානසිකව වැටිලා ඉන්⁣නෙ” – ශකීබ් අල් හසන්

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් සහ තීරණාත්මක දිනය අදයි.

මේ අතර තරගයේ සිව්වැනි දිනය (26) වූ ඊයේ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරඟය නතර කර තරඟය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංගලාදේශ ක්‍රිඩක ශකීබ් අල් හසන් පවසා සිටියේ සිය කණ්ඩායමේ මානසික තත්වය ඉතා පහත් තත්වයක පවතින බවයි.

මෙම තරගයේ පළමු ඉනිමේ දී බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 24ක් තුළ බිද වැටුණු අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 23කට ඔවුන්ගේ කඩුලු 4ක් දැවී ගියා.

මෙම දුර්වල පිතිහරඹය හේතුවෙන් මේ වන විට බංග්ලාදේශය ඉනිමක පරාජක් සමග තරඟාවලි පරාජයක් අභිමුව සිටිනවා.

පළමු තරගයේ ශතකයක් රැස් කළ ආරම්භක පිතිකරු Tamim Iqbal ඉනිම් දෙකේ දී ම ලකුණු 0ට දැවී ගිය අතර ඔහු එලෙස දැවී ගිය පළමු අවස්තාවද මෙයයි.

මෙම තරඟයේ ඉනිම් දෙක තුළ දී ඔවුන්ගේ පිතිකරුවන් මේ වන විට ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 8ක් වාර්තා වී තිබිමත් විශේෂත්වයක්.

පිතිකරණයෙන් මෙලෙස අසමත් වීමට හේතුව ශකිබ් අල් හසන්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී ඊට පිළිතුරු වශයෙන් මෙලෙස පවසා සිටියා,

“මම හිතන්නේ අපි ලෝකෙන්ම ශාරීරික යෝග්‍යතාවය අතින් ගත්තොත් ඉහළින්ම ඉන්න රටක්. අපි වැඩිපුරම කාලය ගත කරන්නේ තරගවලදී පන්දු රැකීමටයි. මම හිතන්නේ අපි මේ තරගාවලියේ දී පන්දුවාර 400ක් පමණ පන්දු රැකලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම යෝග්‍යයි(ශාරීරිකව). බලන්න ලිටොන් ගැන, ඔහු පන්දුවාර 400ක් කඩුලු රැකලා ලකුණු 141ක් රැස් කළා. මුෂ්ෆික් ලකුණු 175ක් ලබා ගත්තා. මම හිතන්නේ අපි ශාරීරිකව යෝග්‍යමත්. නමුත් අපි මානසිකව පහතින් ඉන්නේ. අපිට සිද්ධ වෙනවා අපේ මානසිකත්වය ගැන අවධානය යොමු කරන්න.

මම හිතන්නේ අපි අතරේ අසාර්ථක වීමේ බියක් තියෙනවා. අපි වෙනත් ආකාරයකින් සිතන්නේ නම්, අපට වඩා හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි. අපිට පීඩනය දරාගන්න බැරි වුණා, එය මෑතක සිට සිදුවෙමින් පවතිනවා. මම කණ්ඩායමේ නැති වෙලාවෙත් එහෙම වුනා, දැන් කණ්ඩායමේ මම ඉන්නකොටත් වෙනවා. අපි පසුගිය කාලයේ දී දෙවැනි ඉනිමේ දී අසාර්ථක වුණා. අපට එය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් තිබුණා. නමුත් අපි අදත් අසාර්ථකයි. නමුත් එය අවසන් වීමට පෙර, අපි මෙය ‘අවසානය’ ලෙස හැඳින්විය යුතු නැහැ.” යනුවෙන් ශකිබ් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7