Cricket NewsEXCLUSIVE

“හොදම දඟ පන්දු යවන්නෝ ඉන්නේ අපිට”- රාජස්ථාන් රෝයල්ස් අධ්‍යක්ෂක කුමාර් සංගක්කාර IPL ගැන කියයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ සතියකට ආසන්න කාලයකි.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ද 5 ⁣දෙනෙකු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.

එමෙන්ම මහේල ජයවර්ධන මහතා Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරන අතර කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් හි අධ්‍යක්ශක දූරය හොබවනු ලබනවා. එමෙන්ම ලසිත් මාලිංගද එහි වේග පන්දු පුහුණුකාර ධූරය හොබවනු ලබනවා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පැවති මාධ්‍ය හමුවකුට එක් වූ කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටියේ හොඳම දඟ පන්දු යවන්නන් තමන් සතුව සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සංගා,

” රවිචන්ද්‍රන් අශ්වින් සහ යුස්වේන්දර් චාහල් පිට දඟ සහ පා දඟ පන්දු යවන හොදම දෙන්නෙක්. ඒ වගේම වේග පන්දුවෙන් අපිට බෝල්ට් , ප්‍රසීද් , සයිනි , කුල්ටර් නයිල් , මැකෝයි ඉන්නවා.

ඔවුන් එක්ක යශස්වි , සැම්සන් සහ බට්ලර් ඉන්නවා. නීශම් , මිචෙල් සහ ඩුසේන් එක්ක අපිට සෑම අංශයකින්ම හොද කන්ඩායමක් ඉන්නවා. මෙවර කන්ඩායමේ සෑම අංශයකින්ම ලොකු ගැඹුරක් තියෙනවා. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button