Cricket NewsEXCLUSIVELegends Series

Legends League ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන නිකුත් වෙයි – Asian Lions කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් ඇතුලත් කර ගනී

ඕමානයේදි පැවැත්වෙන Legends League ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන නිකුත් වී තිබෙනවා.ලබන 20 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර ප්‍රථම තරගය Asia Lions හා India Maharajas කණ්ඩායම් අතර පැවැත්වෙනව.

Asia Lions හා World Giants අතර තරගය 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.Legends League ක්‍රිකට් තරගාවලියේ සම්පුර්ණ තරග කාල සටහන පහත පරිදි වේ.

ජනවාරි 20 – Asian Lions vs India Maharajas

ජනවාරි 21 – Asian Lions vs World Giants

ජනවාරි 22 – India Maharajas vs World Giants

ජනවාරි 23 – විවේක දිනය

ජනවාරි 24 – Asian Lions vs India Maharajas

ජනවාරි 25 – විවේක දිනය

ජනවාරි 26 – India Maharajas vs World Giants

ජනවාරි 27 – Asian Lions vs World Giants

ජනවාරි 28 – විවේක දිනය

ජනවාරි 29 – අවසන් තරගය

මෙම තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 7 කු සහභාගි වනවා. සනත් ජයසුරිය , තිලකරත්න ඩිල්ෂාන් , මුත්තයියා මුරලිදරන් , චමින්ද වාස් , උපුල් තරංග, නුවන් කුලසේකර හා රොමේෂ් කළුවිතාරණ යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගි වනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වැනිදා හෝ 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7