Cricket NewsEXCLUSIVE

Welcome to the Club – ජේසන් හෝල්ඩර් පිට පිට ලබාගත් කඩුලු 4 වාර්තාව ගැන ලසිත් මාලිංග තැබු සටහන.!

ක්‍රිකට් පිටියෙන් වාර්තාව වන අතිශය දුර්ලභ වාර්තාවකට හිමිකම් කීමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රිඩක ජේසන් හෝල්ඩර් අද සමත් වුණා.

ඒ එංගලන්තය සමඟ පැවති පස්වන හා අවසාන විස්සයි-20 තරඟයේ දී ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් එකා පිට එකා ක්‍රීඩාගාරයට නැවත හරවා යවමිනි.

ජේසන් හෝල්ඩර් මෙම සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුයෙ තරඟයේ 20වන පන්දුවාරයේදීය.

එම පන්දු වාරයේ තෙවන පන්දුවේ සිට අවසන් පන්දුව තෙක් එක දිගට කඩුළු පිට කඩුලු ලබාගනිමින් මෙම වාර්තාවට හිමිකම් කිමට ජේසන් හෝල්ඩර් සමත් වුනා.

මීට පෙර මෙලෙස විස්සයි-20 පිටියේ කඩුලු 4ක් පිට පිට දවා ගෙන ඇත්තේ ලසිත් මාලිංග, රශිඩ් ඛාන්, සහ Curtis Campher පමණයි.

එම ක්‍රීඩකයින් අතරිනුත් එක්දින තරග පිටියේ සහ විස්සයි-20 යන තරග ආකෘති දෙකෙහිදීම පිට පිට කඩුලු 4ක් ගැනීමේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පමණයි.

ජේසන් හෝල්ඩර්ගේ මෙම සුපිරි දස්කම් දැක්වීම පිළිබඳව ලසිත් මාලිංග ද සුවිශේෂී සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී ලසිත් මාලිංග සඳහන් කර තිබුණේ Welcome To The Club යනුවෙනි.

ලසිත් මාලිංග ඒ පිළිබඳව තබා තිබූ ට්විටර් සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button