Cricket NewsEXCLUSIVEFuture StarsInternational

“දුනිත් වෙල්ලාලගේ, ඒ නම හොඳින් අහගන්න මතක තියාගන්න” – Carlos Brathwaite කියන කතාව

වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මේ වට විට අවසන් වී ඇති අතර දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 4ක පරාජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ නමුත් ⁣ලෝක කුසලානයේ 5වන ස්ථානය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට පිවිසි අතර එම තරඟයෙන් ලකුණු 65 ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

එහිදී කැපි පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 130 කින් ලකුණු 113 රැස් කරමින් යොවුන් ලෝක කුසලාන තරඟාවලියක ශතකයක් රැස් කරන ලද 8වන ශ්‍රී ලාංකිකයා බවට පත් වුනා.

මෙම අතර වා⁣රයේ විස්තර විචාරයේ යෙදී සිටි Carlos Brathwaite දුනිත්ව විශේෂ අගය කිරීමකට ලක් කලෙ ඔහු මෙම තරඟාවලිය පුරා දැක් වූ දස්කම් හේතුවෙනි.

එහිදී Brathwaite සඳහන් කර සිටියේ දුනිත් වෙල්ලාලගෙ නම හොඳින් මතකයේ තබා ගන්නා ලෙසයි.

එහි වීඩියොව පහතින් නරඹන්න..

https://www.icc-cricket.com/video/2467772?fbclid=IwAR07v1v0BWHv1XYqUGYmm4m-GwV7vpmNuVI8G4bQUIVh5nT20BfZW3Q-KE8
https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FSLCinfo4U%2Fvideos%2F663256291681690%2F&show_text=false&width=380&t=0

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button