Cricket NewsEXCLUSIVEIPL

එක පිට එක කඩුලු බිඳ වැටෙද්දීත් තරඟය අත් නොහැර, කොදෙව් ප්‍රහාරකයා Nicholas Pooran දියත් කළ සටන්කාමී පිතිකරණය..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 50වන තරගය ලෙස Delhi Capitals සමග Sunrisers Hyderabad කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 208ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nicholas Pooran පන්දු 34ක් තුල වෙගවත් ලකුණු 62ක් රැස් කල අතර Aiden Markram ලකුණු 42ක් රැස් කළා.

මෙහිදී Nicholas Pooran විසින් දියත් කළ විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වූ අතර අනෙක් පස කඩුලු එකිනෙක බිඳ වැටෙන විට ඔහු දියත් කල මෙම විශිෂ්ට ඉනිම ක්‍රිකට් ප්‍රවීනයන්ගේ පැසසුමට හේතු වී තිබුනා.

Nicholas Pooranගේ එම විශිෂ්ට පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button