Cricket NewsEXCLUSIVE

අදින් සමු ගන්නා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ශ්‍රී ලංකේය ක්‍රිකට් රසිකයන්ගෙන් ගාල්ලේදී අමතක නොවන සමුගැනීමක්..!

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලියෙන් 2-0ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙ කටයුතු කරන මිකී ආතර් මහතාගේ අවසන් තරඟාවලියද මෙයයි.

එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මිකී ආතර් අතර තිබු ගිවිසුම් කාලය අදින් අවසන් වන අතර මිකී ආතර් ශ්‍රී ලංකාවෙන් නික්මිමටද සිදු වනවා.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයයින් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමද ඔහුගේ අවසන් ටෙස්ට් තරඟාවලිය 2-0 ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින් අමතක නොවන එකක් කිරීමට වග බලා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අසීරු අඩියක සිටියදී භාර ගත් ඔහු අද නික්ම යන්නේ ලොව 20-20 හොදම පන්දු යවන්නා මෙන්ම නව අති දක්ෂ තරුණ කණ්ඩායමක් බිහි කරමින් බවනම් නොරහසක්.

අද අවසන් තරඟය සමගින් සමුගන්නා ඔහු තමන්ව අගයන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතරට ගොස් කතා බස් කිරීමටද අමතක කලේ නෑ.

මිකී ආතර් නම් පුහුණුකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් වීමට පෙර තිබූ විනය ප්‍රශ්න සහ Fitness ගැටලු විසඳීමට මෙම සුපිරි පුහුණු කරුවා සමත් වූයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවා අතහැර දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත බලාපොරොත්තු වල සුභ සිහින නැවතත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ඇති කරමිනි.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහත්ම ශ්‍රී ලංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සමග සිටි ආකාරය දැක්වෙන ජයාරූප කහිපයක් පහතින්

01

02

03

04

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7