Cricket NewsEXCLUSIVESchool Cricket

14 හැවිරිදි කිත්ම සිත්මල්ගේ සුපිරි පිතිකරණය ඇතුළු දීප්තිමත් අනාගත ක්‍රිකට් තරු බැබළුණු, සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.!

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 93 වැනි ‘සුලෝහිත සංග්‍රාමය‘ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (5 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. පළමු ඉනිමේ ජයක් ලැබූ නාලන්දා විදුහල මෙවර තරගයේ වැඩි ගෞරව දිනාගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහල තරගය නිමාවට පත්වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා සිටියේය.

පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 65 ක් ලබා සිටි ආනන්ද විදුහල, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 170 ක් එක්කර ගත්තේය. එහිදී හුදෙකලා සටනක නිරත වූ 14 හැවිරිදි කිත්ම සිත්මල් හතරේ පහර 10 ක් සමග ලකුණු 90 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර ගත්තේය.

ලකුණු 45 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී ලකුණු 121 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා ආනන්ද විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළහ. ආරම්භක පිතිකරුවන් වූ යසිරු සමරකෝන් ලකුණු 29 ක්ද, රුසිරු විලෝචන ලකුණු 38 ක්ද රැස්කරමින් එහිදී සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ආනන්ද විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. ලකුණු 55 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී කුෂ්මිත සිල්වා (57) සමග එක්වූ එරංග ජයකොඩි (83) නාලන්දා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූවේය.

කුෂ්මිතගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වෙද්දී, එරංගගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනා දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වූ නායක චනුල් අතුකෝරල (නොදැවී 44) සහ සෙනෙෂ් විජේසිංහ (නොදැවී 40) 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක නොබිඳුණ සම්බන්ධතාවක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button