Cricket NewsEXCLUSIVEInternational

විරාට් කෝලිව දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස සඳහන් කල වරදට විනිසුරුවරයා සමාව අයදී – වැඩි විස්තර මෙන්න.!

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ඉන්දීය නායක විරාට් කෝලි කඩුල්ල මුවාකිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීම විශාල ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ICC යේ සම්මත නීති ප්‍රකාරව විරාට් කෝලි දැවී නොගිය ක්‍රීඩකයෙකු බව පෙනෙන්නටද තිබුණි.

නමුත් අජාස් පටෙල්ගේ පන්දුවක් ඉදිරියේ කඩුල්ල මුවා කිරීමේ වරදට විරාට් කෝලි දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කල මුත් DRS අවසථාවක් කෝලි එහිදී භාවිත කල අතර එහිදී ද විරාට්ගේ පිත්තේ ඇතුලත අග්‍රයෙහි දැවටුණු පන්දුව පා ආවරණයේ දැවටෙන බව පෙනෙන්නට තිබුණි. නමුත් එහිදී රූපවාහිනී විනිසුරු වරයා වූ විරේන්ද්‍ර ශර්මා කෝලි දැවී ගිය ක්‍රීඩකයෙකු බවට සටහන් කලේය.

තරඟයෙන් අනතුරුව ඔහු යොමු කල එම ලිපිය සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය තුලද පල කල තිබෙන අතර එහිදී ඔහු පවසා සිටියේ “ඉන්දු නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේදී මගෙන් සිදුවූ වරදට මම සමාව ඉල්ලනවා. එම තීරණය ලබාදෙන්නට පැහැදිලි සාක්ෂි තිබුණේ නෑ එනිසා එය අසීරු කාරණයක් වුණා. පිත්තේත් පා ආවරණයේත් පන්දුව එකවර දැවටෙන බවක් පෙනෙන්නට තිබුණා. ඒනිසා මට පිටියේ විනිසුරුගේ තීරණයට යටත් වෙන්න සිදුවුණා” යනුවෙනි.

ලිපිය අවසානයේදී තමා නිසා විරාට් කෝලි හට මුහුණ දීමට සිදුවූ දෙය පිලිබඳව සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන්ම තමන් සමාව අයදින බව ප්‍රකාශ කර සිටියා

විරේන්ද්‍ර ශර්මා මාධ්‍යට නිකුත් කළ ලිපිය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7