Cricket NewsEXCLUSIVE

“වනිදු හසරංග, චරිත් අසලංක සහ දුෂ්මන්ත චමීර මෙවර IPL නියෝජනය කළ යුතුම ක්‍රීඩකයන්” – ප්‍රවීණ විස්තර විචාරක Aakash Chopra

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය තව නොබෝදිනකින් ආරම්භ වීමට නියමිතය.මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා ක්‍රීඩකයින් 600 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වැඩි අවධානයක් දිනාගත් ක්‍රීඩකයින් අතරට එක්ව තිබේ.

නිමාව දුටු ලෝක කුසලානයේදී මෙන්ම අවසන් තරඟාවලි කිහිපය තුලදීද දක්ශතා අතරට පිවිසෙන්නට ඔවුන්ට හැකිවිය.අසලංක , හසරංග හා චමීර බොහෝ කණ්ඩායම් ලැයිස්තුවල සිටිය යුතු බව ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක ආකාශ් චොප්‍රා සඳහන් කරන්නේ එවන් පසුබිමක් නිර්මාණය වීමේ අතුරු ප්‍රථිපලයක් ලෙසටය.

ඒ බව සිය ආකාශ් චොප්‍රා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහක් තබමින් ප්‍රකාශ කර සිටියේ “IPL කණ්ඩායම් නිවසට සමීප විකල්ප සොයනු ඇත්දැයි බැලීමට මම ඉතා උනන්දු වෙමි. හසරංග, අසලංක, චමීර බොහෝ ලැයිස්තුවල සිටිය යුතුය, සංගාගේ පැමිණීම සමඟ ඔවුන් #RR #IPLMegaAuction සඳහා ආකර්ශනය වනු ඇතැයි බලාපොරොත්තු වෙමු ” යනුවෙනි.

බොහෝ විට චරිත් අසලංක,වනිඳු හසරංග හා දුශ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ඉහළ වටිනාකමක් සහිත විදෙස් ක්‍රීඩකයින් අතරට එක්වීමට හැකිය.

තවත් නව කණ්ඩායම් දෙකක් එක්වීමත් සමඟින් මුල්පෙල සුරක්ෂිත ප්‍රවේගකාරී පිතිකරුවෙකු , ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණෙහි පසුවන පා දඟ පන්දු යවන්නෙකු හා ඉදිරිපෙල වේගපන්දු යවන්නෙකු කෙරෙහි ඔවුන් වඩාත් අවධානයෙන් පසුවනවා පමණක් නොව අස්ථාවර වූ කණ්ඩායම් තම සංයුතිය යලි සකස් කරගැනීමට ඉහළ අපේක්ෂාවකින් පසුවනු ඇත.

චොප්‍රා තම ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් තව දුරටත් කියා සිටියේ සංගාගේ පැමිණීමත් සමඟ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඔවුන්ව තමන් වෙත ඈඳා ගැනු ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7