Cricket KnowledgeEXCLUSIVE

වෙන රටවල් වලට හරි ගිය, අපේ ක්‍රිකට් ආයතනය වරද්දගත්ත, භානුකට තමන්ගේ ස්ථානයත් අහිමි වුණ මොකක්ද මේ Skinfolds කතන්දරය.!

Skinfolds තියරි සහ applications ගැන කෙටියෙන්…

Skinfolds ගැන කියෙව්වට ගොඩක් අය හරියටම මේ skinfolds කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ. Skinfolds = මහත නෙමෙයි .. skinfolds කියන්නෙ ඇගේ මේද මට්ටම measure කරන ලෝකය දැනට භාවිතා කරන primary test එකක්.. Caliper කියන device එකක් පාවිච්චි කරලා ඇගේ විවිධ තැන් වලට සම්බන්ධ කරලා fat percentage එක බලලා අන්තිමට ඒවගෙ එකතුවෙන් කරන ගණිතමය සංකල්පයක් තමයි skinfolds test එක විදියට ගන්නෙ.

🔸Skinfolds test එක දෙන ප්‍රතිඵල හැම කෙනාටම එක විදියට apply කරන්න පුලුවන්ද?

තේරෙන උදාහරණයකින් ගත්තොත් අලියෙක්, චීටා කෙනෙක් , හාවෙක්, බල්ලෙක් රේස් එකක් දිව්වොත් මොකද වෙන්නෙ? මිනිස්සු අතරත් ඉන්නවා විවිධ ශරීර සැකසුම් ඇති අය. සමහරක් පවුලේ ආභාශයෙන්ම මහතයි. සමහරු කෙට්ටුයි. සමහරු උසයි. සමහරු කොටයි. සමහරු නව යොවුන් වියේදි කෙසඟව ඉදලා මැද විසි ගණන් වලට ආපුවාම පවුලේ ආරයට මහත් වෙනවා.

සමහරු නව යොවුන් වියේදි අලි වගෙ ඉදලා මැද විසි ගණන් වෙනකොට කෙට්ටු වෙනවා. ඇයි මේ?
එකක් ආහාර රටාව කියන්න පුලුවන් … ඒ වගේම තමයි අපි කාගෙවත් ජාන සැකසුම එක වගෙ නෑ.. ඔබ ඔබට අන්‍යයයි. මම වගෙ කවුරුවත් මේ ලෝකයේ නෑ.. මම විශේෂයි. ඉතින් එහෙම එකේ හැමෝටම එකම measurement එකකින් skinfolds බලන්න ගියාම ඒක සමහරක් අයට අසාධාරණයක් වෙනවා.

🔸 Skinfolds ක්‍රමය අසාධාරණ වෙන්නෙ ඇයි?

සමහර ක්‍රීඩා කරන අය කොච්චර ව්‍යායාම් කරත්, කොච්චර ආහාර පාලනය කරත් ඔවුන්ගෙ skinfolds අඩු වෙන්නෙ නෑ කියලා complain කරනවා. Nutritionist කෙනෙක්ට කියලා meal schedules හැදුවත් වැඩක් නැති වෙලාවල් තියෙනවා. එතකොට හිතන්නෙ මේ nutritionist නම් මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කියලා ..

ඒත් ඇත්තම කතාව කෙනෙක්ගෙ ජාන සැකසුම ගැන පරීක්ශාවක් නොකර skinfolds බස්සන්න ගියාම ඇත්තටම workout කරන්න ඕන තැන හොයාගන්න nutritionist කෙනෙක්ට බෑ.. උදාහරණයක් විදියට සමහරු කෑම හොදටම පාලනය කරගෙන මේද රහිත කිරි බොනවා. සමහරු lactose sensitive වෙන්න පුලුවන් .. හොයාගන්න නම් genes test එක කරන්නම ඕන..

🔸දැන් ලංකාවේ fitness බලන්න යොදාගන්න parameters මොනවද? ඒවා සාධාරණද?
දැන් ලංකාවේ fitness සදහා යොදාගන්න පරාමිතීන් දෙකක් තියෙනවා.

1) 2km run
2) General Skinfolds test

කිලෝමීටර් 2 දිවීම කියන්නෙ yo yo test එක වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආපු parameter එකක්. 2021 අවුරුද්ද වෙනුවෙන් අපේ අය දීපු limit එක විනාඩි 8යි තත්පර 35ක්. ඒක 2022 අවුරුද්ද සදහා විනාඩි 8.10ක් කරලා තියෙනවා. අපේ අය මේ පොදුවේ ඔක්කොටම එක මට්ටමක් ගේන තැන තමයි වරද්දගන්නෙ. ලංකාවේ අධ්‍යාපන රටාවත් එහෙමයි.. ඒත් මේ parameters වල logic එකක් තියෙනවා.

වේග පන්දු යවන්නෙක්ට තමයි දිවීම ප්‍රමුඛව වැදහත් වෙන්නෙ.(සාපේක්ෂව). ඉන්දියාවෙදි 2km test එකට දීලා තියෙන පරාමීතින් තමයි වේග පන්දු යවන්නො විනාඩි 8 තත්පර15කින් සහ පිතිකරුවන්, දග පන්දු යවන්නන් සහ කඩුලු රකින්නන් විනාඩි 8 තත්පර 30කින් දුවන්න ඕන කියන දේ.. ලංකාවට එනකොට logics නෑ.. කොපි කරන එකත් අමුවෙන්ම උස්සන එක විතරයි වෙන්නෙ. අවශ්‍ය විදියට සකසගන්න දන්නෙ නෑ. එක්කො දැනුම නෑ.. 2km run එක සංකීර්ණ නැති නිසා පැත්තකින් තියමු.

Skinfolds test එකත් අමුවෙන්ම apply කරන එක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඉන්දියාව මේ skinfolds test එක අමුවෙන්ම apply කරන එකෙ අවුල දැක්කා. ක්‍රීඩකයගෙන් ක්‍රීඩකයට ඔවුන්ගෙ ඇගේ සැකස්ම, ජාන වෙනස්කම් ඔවුන් තියෙනවා කියන දේ ඔවුන් දැක්කා.” උත්සාහය, කැපවීම” කියන වචන වලින් ක්‍රීඩකයෙක් කරන කැපවීමට කිසිම ක්‍රෙඩිට් එකක් නොලැබෙන තැනක් skinfolds test එක නිසා යම් තැනකදි හම්බ වෙනවා කියලා ඔවුන් දැක්කා.

🔸ඉතින් ඉන්දියාව කරේ මොකක්ද ?

ඔවුන් සාම්ප්‍රදායික skinfolds test එක modify කරා. ඔවුන්ගෙ national team trainer; Shankar Basu ලෝකයේ පිළිගත් පරාමිතීන් එකතු කරලා ක්‍රීඩකයෙක්ගෙ සෞබ්‍ය, fitness සහ පෝෂණය ආදි දේවල් ආවරණය වන පරිදි ජාන 40කට එහා දත්ත වෙන වෙනම අරගෙන පරිසර දත්ත එක්ක සසදලා එක් එක් ක්‍රීඩකයට fitness benchmarks ලබා දුන්නා..

ලෝකයේ අඩුම body fat percentage එකක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන විරාට් කෝලි සහ ඉන්දියන් කණ්ඩායමේ over weight කියලා නම ගියපු රෝහිත් ශර්මා fitness test වලින් පාස් වෙනවා කියලා කියන්නෙ ඒ ක්‍රීඩකයාට දුන්නු benchmarks achieve කරන එකටයි.

ලංකාවේ දැන් කරන basic skinfolds test එක කරානම් ඉන්දියාවේ රෝහිත් ශර්මා සහ රිශාබ් පෑන්ට්ට වෙන්නෙත් භානුකට වෙන දේම තමයි. මේ දේ මුලදිම දැක්ක Shankar Basu ක්‍රීඩකයන්ගෙ ක්‍රීඩාවට බලපෑමක් නොවෙන විදියට fitness maintain කරන්නෙ කොහොමද කියලා ජාතික ප්‍රතිපත්තියක් හදපු ජාතික වීරයෙක් වෙන්නෙ ඒක නිසා..

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ DNA based skinfolds test එක කරන්න එක ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඉන්දියන් රුපියල් 25,000-30,000ක් විතර වැය වෙනවා කියලා තිබුණා.. මේ DNA based test එක නිසා එයාලා කලින් සමුගන්න වෙයි කියන මට්ටමේ හිටපු ( ලංකාවේ හිටියා නම් අපේ පරිපාලනය නිසා මෙලහකට ලෙඩ ගොඩක් වෙලා සමුගන්න වෙන) ක්‍රීඩකයෙක් තමයි බුවනේෂ්වර් කුමාර් කියන්නෙ.

නිමා වුනු බටහිර කොදෙව් තරඟාවලියෙත් match winning penultimate over එකක් බුවී යැව්වා. ඒ ඉන්දියාවේ ඔක්කොටම උඩින් ක්‍රිකට් තියෙන නිසාත් ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩකයන් රැකගන්න යාන්ත්‍රණයක් තියෙන නිසාත් බුවීලා වගේම රෝහිත් ශර්මලා රිශාබ් පෑන්ට්ලා එක්ක කෝලි, අයියර් වගෙ ඉහළම fitness level තියෙන අයත් ක්‍රිකට් ගහනවා.

🔸 භානුකට මොකො අන්තිම මොහොතේ වෙලා තියෙන්නෙ?

භානුකව ඉන්දීය සංචාරයට අදාළ ජෛව බුබුලට එක් කරගන්නකොට එයාගෙ skinfolds මට්ටම තිබිලා තියෙන්නෙ 96ට. අපේ තේරීම් කමිටුව බලාපොරොත්තු වෙලා තියෙන්නෙ භානුක අඛණ්ඩව training සහ exercise කරන නිසා සහ nutritionist කෙනෙක්ගෙ මග පෙන්වීමෙන් ආහාර පාලනය කරන නිසා skinfolds මට්ටම 85 මට්ටමවත් ඒවි කියලා.

ඒත් වුනෙ අනිත් පැත්ත. ඉන්දීය සංචාරයට squad එක තෝරන්න බලනකොට භානුකගෙ skinfolds 102 වෙලා.. ඔබ හිතනවාද මෙච්චර කැපකිරීමක් කරන මනුස්සයා මේ දවස් වල හිතාමතා අනවශ්‍ය ආහාර ගනිවී කියලා?

ඔබ හිතනවද මෙච්චර ගමනක් ආපු මනුස්සයා මේ දවස් වල වැඩියෙන් work out කරා මිසක් කම්මැලිකමට ගිහින් බුදිය ගනිවී කියලා? මෙතන ප්‍රශ්නෙ භානුකගෙ ජාන සැකස්ම ගැන අධ්‍යයනයක් නොකර , ඒ අදාළ DNA පරීක්ශාවන් නොකර කොච්චර මහන්සි වුනත් ඒකෙන් භානුකට වෙන සෙතකුත් නෑ වගේම skinfolds test එකත් නිකන් ඉමක් නොපෙනෙන මිරිගුවක් වගෙ වෙන එකයි වෙන්නෙ.

එතනදි ගොඩක් අය ගේන තර්කයක් තමයි මහීෂ් තීක්ශණගෙ ඡායාරූප දෙකක් අරගෙන “එයාට පුලුවන් නම් මෙයාට බැරි ඇයි? ” කියන දේ.. උත්තරය තමයි ජාන සැකැස්ම කියන දේ.. workouts වලින් කරන්න පුලුවන් දේවල් තියෙනවා. අපි දැකලා තියෙනවා කිලෝ 100-150 අඩු කරගන්න මිනිස්සුත් මේ ලෝකයේ ඉන්නවා.

ඒත් ගැටලුව තියෙන්නෙ මේ ක්‍රීඩකයො. ඉතාමත් අනවශ්‍ය විදියට ශරීරයට බලපෑම් කරලා ලබාගන්න ප්‍රතිඵලයකින් entrance exam එක පාස් වුනාට ground එකට ගිහිල්ලා කරන්න ඕන exam එකට අනවශ්‍ය බලපෑමක් වෙන එකයි ගැටලුව. ඉන්දියාව තමන්ගෙ ක්‍රීඩකයන්ව රැකගන්න උත්සාහ කරන විදියෙන් 1/10ක දෙයක් කරගන්න අපේ අයට හැකියාවක් නෑ.

ඒකට හේතුව අපේ ඉන්න අය දන්නවට වඩා දන්නවා කියලා පෙන්නන්න හදන පණ්ඩිතකම. අනික නිර්මාණශීලි නැතිකම. අනිත් දේ තමයි ලෝකයේ තියෙන දේවල් එහෙම්ම කොපි කරනවා මිසක් අපේ රටට ගැළපෙන විදියට අනුගත කරගන්න තරම් අවබෝධයක් අපේ අයට නැතිකම.. ඔය ඔක්කොමත් එක්ක අපි නැති කරගන්නෙ පොඩි කාලයේ ඉදන් කරපු investment එකක return එක ලංකාවේ ක්‍රිකට් වලට ලබාගන්න තියෙන කාලය…

අවසාන වශයෙන් පොඩි දෙයක් එකතු කරන්නම්. DNA based skinfolds test එක ලංකාවට ආවත් භානුක ඒක පාස් වෙයිද නැද්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි එතන භානුකට ඇයි මෙහෙම වෙන්නෙ කියන ප්‍රශ්නයට එයාට උත්තර හම්බ වෙනවා. එයාව මීට වඩා හොදට manage කරගන්න පුලුවන් වෙනවා.

2016න් පස්සෙ ආබාධ නිසා හෝ විවිධ හේතු නිසා ඒ අවස්ථාවේ ලංකාවේ ඉන්න හොදම ක්‍රීඩකයො 11 දෙනා කණ්ඩායමේ එකට නොකඩවා තරඟ 5ක් ක්‍රීඩා කරපු කාලයක් මට මතක නෑ.. ඉතින් අපිට හරියයිද?

ගිහාන් සමීර ගාල්ලගේ තැබූ සටහනක් ඇසුරිණි (අනව තප්ත විල)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button