Cricket NewsEXCLUSIVEInternational

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 46 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වේ.

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයෙ (12 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 46 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ඕවර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පාකිස්තානයේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. බෙන් සේර්ස් සහ ඇඩම් මිල්න් කඩුලු 2 බැගින් දවාගනිමින් සවුතිට අනගි සහායක් දුන්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button