Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා  අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත් වී සිටියහ .

එහිදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 දින පැවැත්වෙන  එක් දින සීමිත ඕවර් තරග තුනක් සදහා සහභාගී වීමට නියමිත අතර එම තරග  ගාල්ල  ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .

මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් එළඹෙන 24 , 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතය .

මෙම ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button