Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් හි අභ්‍යන්තර අර්බුදයක් ද පවතින අවස්ථාවක, විරාට් කෝලිගේ ඉරණම දේදුණු දේශයේදී විසඳේවිද ?

යුගයකට වරක් බිහිවන ක්‍රිකට් ලොව විශිෂ්ඨතමයන් අතර නූතන යුගයේ විශිෂ්ඨතමයා වන්නේ විරාට් කෝලිය.2009 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගත් කෝලි 2014 ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලියෙන් පසුව කෝලි නම් වූ පිතිකරුවා ඉන්දියානු ක්‍රිකට් වංශකතාවට වෙනස්ම හැඩයක් එක් කරන්නටද නායකයෙකු ලෙසින් ඔහුට හැකිවිය.

2016-2019 දක්වා කාලය තුල ජාත්‍යන්තර පිටිය තමාගේ ග්‍රහණයට ගත් කෝලි එම කාලය තුලදී එක්දින පිටිය තුල ලකුණු 59 ක් ටෙස්ට් පිටිය තුල ලකුණු 65 ක් විස්සයි විස්ස පිටිය තුල ලකුණු 81 සාමාන්‍යක් රඳවාගන්නට සමත් විය.2019 නොවැම්බර් මස 23 වැනිදා සිට ශතකයක් රැස් කරන්නට මේ දක්වා අපොහසත්වූ කෝලිගේ 2021 වසර පිතිකරුවෙකු ලෙසින් ගත් කල සංක්‍රාණ්ති වසරකි.

ටෙස්ට් පිටිය තුල වසර ගනණාවකට පසු ශ්‍රේණිගත කිරීම්හි පහතට වැටෙන්නට කෝලි හට සිදු වූ අතර වසර ගනණාවකට සිට තරඟ ආකෘති තුනෙහිම මුල්ස්ථාන 10 තුල ආධිපත්‍ය තමන් සතු කරගෙන සිටි කෝලිගෙන් එය ගිලිහී යාමද දේදුණු දේශයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය තීරණය කරනු ඇත.

වසර ගණනාවක සිට සචින්ගේ ශතක ලැයිස්තුවටද රතු එලියක් දල්වා සිටි කෝලි ශතක 70 කඩයිම පසු කරන්නට නොහැකිව ගත කරන තෙවන වසරද ආරම්භ වී මාසයක් ගතව ඇත.රිකී පොන්ටිංගේ ශතක 70 සමකරමින් ක්‍රිකට් ලොව දෙවැනි වැඩිම ශතක ලාභියා වීමේ අපේක්ෂාව බොහෝ දුරට කෝලි මෙම තරඟාවලියේදී විසඳාගනු ඇත .

මන්ද , දකුණු අප්‍රිකාව තුල තරඟ 10 ට වඩා ක්‍රීඩා කල ආසියාතික පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු සාමාන්‍යයට ඔහු හිමිකම් කියනු ලබන අතර එය 55.80 කි. කෝලිගේ නම ඉදිරියේ දකුණු අප්‍රිකානු බිම තුල ශතක දෙකක් සමඟින් ලකුණු 558 ක් ලියැවී ඇති අතර යම් හෙයකින් කෝලි යලි සිය සුපුරුදු රිද්මයට පැමිණෙන්නේ නම් දේදුණු දේශය මනා තෝතැන්නක් වනු ඇති බව නම් නිසැකය.

දේදුණු දේශය විරාට් කෝලිගේ මෙන්ම දුලභ වාර්ථා රැසකගේද ඉදිරි ඉරණම තීරණය කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button