Cricket NewsEXCLUSIVE

මෙරට ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහලින්ම සිටින Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස භානුක රාජපක්ෂ පත් කෙරේ.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට කලකට පසුව පැමිණි ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ භානුක රාජපක්ෂ පසුගිය සමයේ ක්‍රිකට් ලෝකයේ දැඩිව කතා බහට ලක්වූ චරිතයක් වුවා.

ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩකයෙකු වෙනුවෙන් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උද්ගෝෂණයක් ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පවත්වනු ලැබුවේ භානුක රාජපක්ෂ වෙනුවෙනි.

එනම් මෑත කාලිනව ඉතා විශාල රසික ආකර්ශනයක් හිමි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස භානුක රාජපක්ෂ හැඳින්විය හැකියි.

මේ අතර මෙරට ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහලින් සිටින Chariot ආයතනය සිය ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස භානුක රාජපක්ෂව පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තය තුල ඉහළින්ම රැඳී තිබෙන මේ වෙළඳ සන්නාමය 1986 වසරේ සිට Chariot යන වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙන අතර 2019 වසරේ සිට එම ආයතනය Asriel වෙළඳ සමූහ ව්‍යාපාරයේ එක් සේවාවක් ලෙස පවත්වා ගෙන යනු ලබනවා.

භානුක රාජපක්ෂට සන්නාම තානාපති තනතුර (Brand Ambassador) පිරිනැමීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේ දී භානුක මෙසේ අදහස් දක්වා සිටියා.

“දැනට මම IPL තරගාවලිය ඉලක්ක කරගෙන Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් විදිහට ගිවිසුම් ගත වෙලා තියෙනවා. Chariot ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් ගොඩක් අතහිත ලබාදෙන වෙළඳ සන්නාමයක්. ඔවුන් ඉදිරි කාලයේ දී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් වැඩ කටයුතු රැසක් කරන්න සැලසුම් සකස් කරලා තිබෙනවා.

Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් විදිහට මාව තෝරාගැනීම ගැන මම Chariot ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේ දීත් මම ඔවුන් සමඟ වැඩ කටයුතු සිදු කිරීමට ගොඩක් ආසාවෙන් ඉන්නවා”.

01

02

03

Photo Credit – ThePapare.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7