Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානය පෙනෙන මානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අර්බුධයක ! මහේල,ප්‍රමෝද්‍ය හා කළුවිතාරණ අවසන් සංචිතය නම් කිරීමට පෙර නව නායකයෙක් ?

ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නම්කර නොමැති අතර සංචිතය නම් කිරීමට පෙර ප්‍රභල වෙනස් කම් කිහිපයක් වීමට හැකි බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරනු ලබයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ,රොමේෂ් කළුවිතාරණ හා මහේල ජයවර්ධනගෙන් සැදුම්ලත් මණ්ඩලය අද ප්‍රධාන වශයෙන් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය පිළිබඳව සාකච්ඡාකරමින් පවතින බවයි අද උදෑසන වන විට එම ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ.

කෙසේ නමුත් දැන් වාර්ථා වන අන්දමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නව නායකයෙක් පත් වීමට ඉහළ ඉඩකඩක් පවතින බවත් දසුන්ගේ නායකත්වය පිළිබඳව එතරම් සෑහීමකින් පසුනොවන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

යම්හෙයකින් දසුන් ශානක නායකත්වයෙන් පහ කලහොත් එම නායකත්වය පැවරීමට ඉඩකඩක් ඇත්තේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් ටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7