Cricket GossipCricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ලෝක විස්සයි20 තරගාවලියේ ලොකු තැනක ශ්‍රී ලාංකික කාන්තාවන් කතුන් දෙන්නෙක් !

ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ අවසන් වටයේ තරග විනිශ්චයට ශ්‍රී ලංකාවේ විනිසුරුවරියක් වූ නිමාලි පෙරේරා මහත්මිය හා තරග තීරකවරියක් ලෙස කටයුතු කිරීමට මිචෙල් පෙරේරා මහත්මිය සුදුසුකම් ලබා තිබේ. කාන්තා ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ මූලික වටයේ තරග විනිශ්චයට ලොව පුරා විනිසුරුවරියන් 13ක් එක්ව සිටි අතර, එයින් තෝරා ගත් හතරදෙනාගෙන් දෙදෙනකුම ශ්‍රී ලාංකික කාන්තාවන් වීම මෙහි ඇති විශේෂත්වය වේ.

එලෙස ලෝක ක්‍රිකට් තරගාවලියක අවසන් වටයේ තරග වෙනුවෙන් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයකි.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති 33 හැවිරිදි නිමාලි පෙරේරා 2022 වසරේ දී නැඟී එන ක්‍රිකට් විනිසුරුවරියක් ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇගයීමට ලක් වූවාය.

නිමාලි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරියක් ලෙස ආරම්භ කළ ගමන දැනට අයිසීසී විනිසුරුවරියන්ගේ සංවර්ධන මණ්ඩලයේ සාමාජිකාවක් දක්වා දුරට ගොස් තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වූ ඇය 2022 ජූලි මාසයේ සිට අයිසීසී සංවර්ධන මණ්ඩලයට එක්වූවාය. 2023 අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියටද එක්වෙමින් ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ පළමු කාන්තා විනිසුරුවරිය ලෙස ඉතිහාසයට එක්වූවාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති 42 හැවිරිදි මිචෙල් පෙරේරා මේ දක්වා විස්සයි20 ජාත්‍යන්තර තරග 26කදී තරග තීරකවරියක් ලෙස තම දායකත්වය ලබාදී ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button