Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය 19වනදා සිට දඹුල්ලේදී.

ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 08 ක ක්‍රීඩිකාවන් සහභාගී වන , ආසියානු කුසලාන  කාන්තා විස්සයි විස්ස තරගාවලිය මේ මස 07/19 දින සිට 07/28 දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .

ශ්‍රී ලංකාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , නේපාලය , ඉන්දියාව , පකිස්තානය , මැලේසියාව , තායිලන්තය සහ බංග්ලාදේශය යන රටවල ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතය .

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05 ක ක්‍රීඩිකාවන් මේ වනවිට මෙම තරගාවලිය සදහා සහභාගී වීමට මෙරටට පැමිණ තිබේ .

එසේම 07/16 දින පස්වරු 03.40 ට බංගලදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් , පස්වරු 05.30 ට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් සහ රාත්‍රී 10.10 ට පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් මෙම තරගාවලියට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button