Cricket NewsEXCLUSIVEWoman Cricket

කාන්තා ලෝක කුසලාන තරඟාවලිය අවසන් පුර්ව තරඟ වටයට – Meg Lanning ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඉදිරියෙන්ම.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධනයෙන් නවසීලන්තයේදී මේ වන විට පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව වටය සඳහා එළඹී තිබෙනවා.

ඒ අනුව මෙවර් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පුර්ව තරග හෙට(30 ) සහ අනිද්දා (31) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට(30) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී අපරාජිත ඕස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, අනිද්දා (31) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයත් තරග බිමට පිවිසෙනු ඇත.

මූලික වටයේදී සහභාගි වූ තරග 7 ම ජය ලබා ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිස සිටින ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව පූර්ව වටයේදී පරාජය කිරීම කොදෙව් කාන්තා කණ්ඩායමට ඉතා අසීරු අභියෝගයක් වනු නොඅනුමානය.

සහභාගි වූ තරග 7 න් 3 ක් ජයගෙන 3 ක් පරාජයවී සෙසු තරගය ජය පැදුමකින් තොරව අවසන් කරගෙන සිටි කොදෙව්වෝ, අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදාකර ගත්තේ මූලික වටයේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙනි.

මූලික වටයේදී ඕස්ට්‍රේලියාව හමුවේ පමණක් පරාජයට පත්වූ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියට එක්වූ වඩාත් පෙරළිකාර කණ්ඩායම ලෙස හැඳින්විය හැකිය.

ඔවුන් කල් තියාම අවසන් පූර්ව වටයට පිවිසීමත් සමග ඉන්දියාව සහ නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තරමක් අසීරු විය.

මූලික වටයේ අවසන් දිනය දක්වාම එංගලන්තයද අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කරගෙන නොසිටි නමුත්, අවසන් දිනයේදී බංග්ලාදේශය පරාජය කිරීමත් සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකි විය.

අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර අප්‍රේල් මස 3 වැනිදා ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.

මේ දක්වා පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි 11 න් 6 කදීම (1978, 1982, 1988, 1997, 2005 සහ 2013) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව ඇති අතර එංගලන්තය අවස්ථා 4 කදී (1973, 1993, 2009 සහ 2017) ඊට හිමිකම් කියා ඇත.

නවසීලන්තය එක් කාන්තා ලෝක ශුරතාවයකට හිමිකම් කියනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button