EXCLUSIVESports

“මේක තමා ඉතිහාසයේ මනුස්සයෙක් දුන්න විශිෂ්ටතම Comeback එක” – පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා Leo Messiගේ ලෝක කුසලාන ගමන් මග රසිකයකුගේ ඇසින්.!

මේ පොටෝ එක බලන්න… මේ පොටෝ එකෙන් තරම් මෙසී ට්‍රොල් උනු පොටෝ එකක් ලොවෙත් නෑ..

මේක වදින්නේ 2016 කෝපා ඇමරිකා ෆයිනල් එකේ. ඒකේ ආජන්ටිනාව පෙනල්ටිවලින් පැරදුනා. එකේ එක පෙනල්ටි එකක් මිස් කරනවා මෙසී. ඔය ෆයිනල් එකෙන් පස්සේ මෙසීට එනවා කවදාවත් නැති තරම් විවේචන හා බලපෑම්. මෙසී කියන්නේ ක්ලබ් එකකට විතරක් සෙල්ලම් කරන ප්ලේයර් කෙනෙක් චෝදනා එල්ල වෙනවා.

මෙසී එතනදි බසු බහිනවා. රිටයර් වෙනවා. ක්ලබ් ෆුට්බෝල්වලට ෆෝකස් කරන් ඉන්නවා.

ඊට පස්සේ තමා ආයේ එන්නේ. ඒ පාර එන්නේ සම්පූර්ණයෙන් වෙනස් වූ ටීම් එකකට. මෙසීගේ සමකාලිනයෝ ගොඩක් සමු අරගත්තා. අලුත් කොල්ලො ටිකක් ආවා උන් එක්ක ගැහුවා. උන්ගේ අයියා උනා බොසා උනා.

මෙසී ආයේ ඇවිත් ආජන්ටිනාව එක්ක කෝපා ඇමරිකා දින්නා. වර්ල්ඩ් කප් එක දින්නා. ඒකේ වැඩිම ගෝල් ගැහුවා ආජන්ටිනාවට..

ඇරුන කටවල් සේරම වැහුවා.. මේක තමා ඉතිහාසයේ මනුස්සයෙක් දුන්න විශිෂ්ටතම comeback එක. මේ පොටෝ එක දිහා බලන බලන වෙලාවට මට පට්ට මෝටිවේශන් එකක් එනවා..

ජීවිතේ pressure momentවලදි පසු බැස්සට අවුලක් නෑ.. පැනලා ගියත් අවුලක් නෑ. හැබැයි එහෙම ගිහින් අම්මට සිරි වෙන්න කම්බැක් එකක් දීපන්!

– Vinod Bhanuka තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7