Cricket NewsEXCLUSIVEInternational

දිමුත්ගෙ කඩුල්ල තමයි වැදගත්, ඒයාව Out කරන්න දැන්ම ප්ලෑන් හදා ගන්න – හිටපු ඉන්දීය නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර්ගෙන් ඉන්දියාවට අනතුර ඇගවීමක්

ඉදිරි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ කඩුලු කඩිනමින් දවා ගැනීම ඉන්දියාවට වැදගත් බව හිටපු ඉන්දීය නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ Star sports හි Game Plan වැඩසටහනට එක්වෙමින්.

ඩීන් එල්ගාර්ගේ කඩුල්ල දවා ගැනීමට සැලසුම් නොකිරීම හේතුවෙන් පසුගිය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ඉන්දියාවට අහිමි වූ බවද සුනිල් ගවස්කාර් ප්‍රකාශ කළා.

එබැවින් දිමුත් කරුණාරත්නගේ කඩුල්ල වේලාසනින් දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සැලසුමක් සහිතව පිටියට පිවිසිය යුතු බවයි හිටපු ඉන්දීය නායකයා පෙන්වා දෙන්නේ.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීම රෝහිත් ශර්මාට අපහසු නොවන බවද ඔහු කියා සිටියා.දීර්ඝ කාලයක් ඉන්දියාව නියෝජනය කරන රෝහිත් ෂර්මාට ටෙස්ට් තරගවලදී ඉන්දියාව මෙහෙයවීමට ප්‍රමාණවත් අත්දැකීම් ඇති බව සුනිල් ගවස්කාර් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button