Cricket NewsEXCLUSIVE

“සුදුසු කාලය ආවහම මම අනිවාර්යයෙන්ම ධනංජයට Captaincy එක දීලා, ඉතුරු අවුරුදු කිහිපය පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වනවා.”- දිමුත් කරුණාරත්න

අවසන් වසර කිහිපය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු ප්‍රමාණයක ටෙස්ට් තරඟ ගණනක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වූවා. එමෙන්ම 2027 දක්වාත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තිබෙන්නේ අතිශය සීමිත වූ ටෙස්ට් තරඟ සංඛ්‍යාවක්. සාම්ප්‍රදායික තරඟ රටාව තුලට පමණක් සීමා වූ ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන අතර ඒ අතුරින් වඩාත් වැඩියෙන්ම ඇසෙන නාමය වන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව බිහි කල සාර්ථකම ටෙස්ට් නායකයා වන දිමුත් කරුණාරත්නගේ නාමයයි.

පසුගියදා යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරඟ අහිමි වීම අසතුටුදායක කරුණක් බවයි.

“බංග්ලාදේශය ඉස්සරහට එන අවුරුදු 5 දී මැචස් 35 ක් ක්‍රීඩා කරනවා. සිම්බාබ්වේත් මැචස් 20 ක් ක්‍රීඩා කරනවා. අපි 24 යි සෙල්ලම් කරන්න. අපේ ටෙස්ට් එක නිකන් අමතක වෙලා යනවද කියල මට හිතෙනනවා. අන්තිමට පාකිස්තානේ මාස 2 ක් විතර ඇතුලත ටෙස්ට් මැච් 5 ක් ක්‍රීඩා කළා. අපිට 2027 වෙනකන් ක්‍රීඩා කරන්න වෙනවා ටෙස්ට් මැච් 18 ක් ගහන්න. එහෙම බලද්දි හරි දුකයි ලංකාවට ටෙස්ට් මැච් නැති එක ගැන ”

” සමහර ක්‍රීඩකයෝ ඉන්නවා LPL එකවත් ක්‍රීඩා කරන්නෙ නැති. ඒ ක්‍රීඩකයන් අවුරුද්දෙ වැඩිහරියක් කරන්නේ training කරන එක. එයාල මට කතා කරලා.අයියේ මැචස් මොනාහරි දාගන්න බැරි වෙයිද කියල අහනවා. ඒ අය ක්‍රිකට් වලට හරි involve වෙලා ක්‍රීඩා කරනවා. ඒත් මැචස් නැති වුණාම mentally give up වෙනවා. එයාලගෙ හොඳම කාලෙ මැචස් සෙල්ලම් කරන්න බැරි වෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කියා සිටියා.

එමෙන්ම මීලඟ ටෙස්ට් නායකත්වය හා එලඹෙන නවසීලන්ත සංචාරයෙන් පසු තමන් ටෙස්ට් නායකත්වය අත්හැරීමට අදහස් කරන බවත් ඔහු කියා සිටියේය.

“Test Championship එකෙන් පස්සේ මම ගොඩක්දුරට නායකත්වය අත හරීවී. සුදුසු කාලය ආවහම මම අනිවාර්යයෙන්ම ධනංජයට captaincy එක දීල ඉතුරු අවුරුදු කිහිපය පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වනවා. ”

දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟය කරා යාමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ටෙස්ට් නායකයින් අතර මුල් නම් කිහිපයට දිමුත්ගේ නමද එක්වන බවනම් නොරහසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button