Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ආසියානු කුසලාන යොවුන් කාන්තා ක්‍රිකට් තරගාවලිය දෙසැ. 15 සිට මැලේසියාවේදී.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන මස 15 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වේ.

කණ්ඩායම් 6ක් එක්වන තරගාවලිය විස්සයි20 ආකෘතිය යටතේ සංවිධාන කරන අතර, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මැලේසියාව තරග වදින්නේ ‘බී’ කාණ්ඩයෙනි.

දෙසැම්බර් 15 වැනිදා සත්කාරක මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර, 16 වැනිදා ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිතය.

මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 2 බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, එහිදී එක් කණ්ඩායමකට මූලික වටයේ ප්‍රතිවාදී කාණ්ඩයෙන් සුපිරි වටයට එක්වූ සෙසු කණ්ඩායම් දෙක සමඟින් තරග වැදීමට සිදු වෙයි. තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button