Cricket NewsEXCLUSIVEInternational

චැප්මන්ගෙ හා විල් යන්ග්ගෙ අර්ධ ශතක හේතුවෙන් නවසීලන්තය, එක්සත් අරාබියට එරෙහිව තරඟාවලිය 2-1ක් ලෙස ජය ගනී.

සෙනසුරාදා පැවති පරාජයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම නැවත විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින්, තුන්වන T20I තරඟය ලකුණු 32කින් ජයගෙන තරඟ තුනකින් සමන්විත තරඟමාලාව 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

තරඟාවලියේ ඔහුගේ පළමු තරඟය ක්‍රීඩා කරමින් විල් යන්ග් විසින් අර්ධ ශතක ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරන ලද අතර, මාර්ක් චැප්මන්ද ලකුණු 51ක් ලබා ගත්තා. නවසීලන්තය ඔවුන්ගේ පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. ජුනයිඩ් සිද්ධික් ලකුණු 26කට කඩුලු 3ක් දවාගනිමින් සත්කාරක කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුල් අර්ධය නවසීලන්ත පන්දු යැවීම හමුවෙ අසිරු වූ නමුත් බැසිල් හමීඩ් සහ අයාන් අෆ්සාල් ඛාන් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 57 කින් ලකුණු 68 ක් එක් කළ නමුත් සත්කාරක ක්‍රීඩකයින්ට රැස් කර ගත හැකි වූයේ කඩුලු 7 කට ලකුණු 134 ක් පමණක් බැවින් නවසීලන්තයට තෙවන තරගයේ ජය හිමි විය.

New Zealand 166/5 in 20 overs (Will Young 56, Mark Chapman 51; Junaid Siddique 3-26) beat United Arab Emirates 134/7 in 20 overs (Aayan Afzal Khan 42, Basil Hameed 24; Ben Lister 3-35) by 32 runs

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button