Cricket NewsEXCLUSIVEUnder-19

යොවුන් ලෝක කුසලානය හඹා යන යොවුන් සිංහ පෝතකයන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරඟයට සුදානම්.!

19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රථම වටයේදී ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් ‘D’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව, හෙට දිනයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

ඇෆ්ඝනිස්තානය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ පාකිස්තානයට පමණක් දෙවැනි වෙමින් ‘C’ කණ්ඩායමේ දෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම ලෙසිනි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 අරාම්භ වීමට නියමිතය.

මෙම අර්ධ අවසන් පූර්ව වටයේ සෙසු තරගවලදී එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවද, පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාව, ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයද තරග වැදීමට නියමිතය.

මෙහිදී ජය ලබන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියේ 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ස්ථාන වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි මස 1 වැනිදා සහ 2 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය පෙබරවාරි මස 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ඝනිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුවහොත්, අවසන් පූර්ව වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය හෝ දකුණු අප්‍රිකාවය.

අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්තාන – ඕස්ටේ්‍රලියා තරගයෙන් ජය ලබන කණ්ඩායම ඉන්දියා – බංග්ලාදේශ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව අවසන් පූර්ව වටයේදී තරග වදිනු ඇත.

තරඟ කාල සටහන පහතින්,

අර්ධ අවසන් පූර්ව වටය
ජනවාරි 26 – එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව
ජනවාරි 27 – ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ඝනිස්තානය
ජනවාරි 28 – පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාව
ජනවාරි 29 – ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශය

අවසන් පූර්ව වටය
පෙබරවාරි 1 – එංගලන්තයට හෝ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව හෝ ඇෆ්ඝනිස්තානය
පෙබරවාරි 2 – පාකිස්තානයට හෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව හෝ බංග්ලාදේශය

අවසන් මහ තරගය
පෙබරවාරි 5 – පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7