Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කෙරේ.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරඟ සංචාරයේ යෙදී ඇත්තේ මේ වනවිට විස්සයි-20 ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟයි.

තරග 5කින් සමන්විත මෙම තරගාවලිය රාත්‍රි තරඟ හතරකුත් දිවා තරග එකකුත් ලෙස පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබෙන අතර තරග කාලසටහන ද පසුගියදා මාධ්‍යයට නිවේදනය කරා.

එමෙන්ම අද පෙරවරුවේ ඕස්ට්‍රේලියානු සංචිතය ද නම් කළ අතර ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නැහැ.

මෙම ඔස්ට්‍රේලියානු තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වී ඇත්තේ මෙම වසරේ පැවැත්වෙන 2022 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම හේතුවෙනුත් එම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කරන එකම තරග සංචාරය මෙම තරගාවලිය වීමත් හේතුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ පුරාවෘත්ත ගනයේ පන්දු යවන්නකු මෙන්ම,විස්සයි-20 ආකෘතියේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග එළඹෙන ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා වේග පන්දු උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ ලසිත් මාලිංග ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා පමණක් එලෙස වේග පන්දු උපදේශක වරයකු ලෙස එක් වන බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාලිංග ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් ද එක්දින තරග 226 කදී කඩුලු 338 ක් ද ලබාගෙන තිබෙනවා.ලසිත් මාලිංග විස්සයි-20 තරග 84 කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 107 ක් බිඳ හෙලා ඇති අතර රටවල් රැසක පැවති ලීග් T20 තරග වල අත්දැකීම් ඇති ලසිත් මාලිංග තරග 289 කදී කඩුලු 390 ක් ලබා තිබෙනවා.

එමෙන්ම මිට පෙර එක් තරඟ වාරයක් සඳහා ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු උපදේශක වරයකු ලෙස කටයුතු කරනු ලැබුවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7