Cricket NewsEXCLUSIVE

ලෝක ශුර ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය නම් කෙරේ – භානුක රාජපක්ෂ ඉවතට.!

පෙබරවාරි 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නම් කරන ලද ක්‍රීඩකයින් බොහෝමයක් නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වීමත් විශේෂත්වයක්.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලදක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකවද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වනවා.

ඉකුත් වසරේ පැවැති එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමේ වරදකරුවන්වීම හේතුවෙන් ගුණතිලකට අමතරව කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

සිම්බාබ්වේට එරෙහිව පැවැති අවසන් එක්දින තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාවම ජාතික සංචිතයට කැඳවුම් ලැබුවත් ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා කුසල් මෙන්ඩිස් පමණක් ඇතුළත්ව සිටියි.

කණ්ඩායමට එක්ව සිටින නවක මුහුණු අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේද විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටියි.

ඊට අමතරව නවක ආරම්භක පිතිකරුවකු වන කඩුලු රකින කමිල් මිශාර සහ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාරද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දඹුල්ල ජයන්ට්ස් පිල නියෝජනය කළ ජනිත් ලියනගේ තරග 4 කදී අර්ධ ශතක 2 ක් සමඟ මුලු ලකුණු 108 ක් රැස් කර ගනිමින් නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්විය.

ජනිත් ලියනගේව මීට පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද නමුත් කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ බැවින් එම ස්ථානයට කුසල් මෙන්ඩිස්ව ආදේශ කෙරිණ.

ඔහුට අමතරව කණ්ඩායමට එක්ව සිටින වුන් තුෂාරද LPL තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරමින් තරග 8 කදී කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්වූවේය.

මේ අතර මීට පෙර කණ්ඩායමේ උප නායකත්වයට පත්ව සිටි ධනංජය ද සිල්වා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කර නොමැති අතර උප නායකත්වය චරිත් අසලංකට ලබා දී තිබේ.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ළහිරු මදුශංක, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ පුලින තරංග යන ක්‍රීඩකයින් 7 දෙනාට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබෙන අතර මින් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස සැලකෙන භානුක රාජපක්ෂගේ අහිමි වීම නම් එතරම් සුබදායි පණිවිඩයක් නොවනු ඇත.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට පැමිණ සිටින අතර ඔහුට අමතරව තවත් පා දඟ පන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සිද කණ්ඩායමට එක් කර තිබීම විශේෂත්වයකි.

වනිඳු රහිතව ක්‍රීඩා කරන ලද සිම්බාබ්වේ පිලට එරෙහි තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ වැන්ඩර්සි ය.

නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිශාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7