Cricket GossipCricket NewsEXCLUSIVEInternational

යුවරාජ් සිං සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කළ ක්‍රිකට් පිත්ත අභ්‍යවකාශය ගත කරයි.!

NFT සමඟින් එක්ව ඉන්දීය හිටපු සුපිරි පිතිකරු යුවරාජ් සිං පසුගියදා තීරණය කර තිබුණේ සිය ක්‍රිකට් රසිකයන් සමඟින් නවතම අත්දැකීමක් බෙදාගන්නටය.

යුවරාජ් සිං සිය ස්වර්ණමය මතක ඇතුළත් කරමින් අතථ්‍ය කෞතුකාගාරයක් සිය රසිකයන්ට තිළිණ කර තිබුණේ යුවරාජ්ගේ ඓතිහාසික ක්‍රීඩා අවස්ථා දැක බලා ගැනීමටත්, යුවරාජ් සමඟ පන්දු හයක් ක්‍රීඩා කිරීමට වැනි ක්‍රියාකාරකම් සඳහාය.

මීට අමතර මෙමඟින් තෑගි භාණ්ඩ දිනා ගැනීමටත් අවස්ථාව සැලසේ.

මෙහි පළමු අවස්ථාව ලෙසින් යුවරාජ් සිං සිය අත්සනද ඇතුලත් ඔහු විසින් සිය මංගල ශතකය රැස් කර ගත් පිත්තද එම ඩිජිටල් අවකාශය වෙත යොමු කර තිබුණි.

“අපි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ත්‍රිමාණ ප්‍රතිමාවක් සමඟ අත්සන සහිත ක්‍රිකට් පිත්තක් දියත් කරන්නෙමු, ඔහුගේ ඩිජිටල් එකතු කිරීම් අයිති කර ගැනීමට රසිකයින්ට සුවිශේෂී අවස්ථාවක් සලසා දෙන්නෙමු.

අපි ඔහුට ඔහුගේ රසිකයන් සමඟ සම්බන්ධ වීමට සිත්ගන්නා ඩිජිටල් අවකාශයන් නිර්මාණය කරමින් සිටිමු. ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශේෂ අවස්ථා ‘තමන්’ යැයි Colexion හි ප්‍රධාන විධායක නිලධාරී Abhay Aggrawal පැවසීය.

NFT අගයන් පහත වැටීම පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ලංසු තැබීමට ‘YuviDAO’ වැනි Twitter ගිණුම් නිර්මාණය කරමින් රසිකයින් දැනටමත් සම්බන්ධ වී සිටිති.

තවදුරටත් අදහස් දක්වමින් “ක්‍රිකට් ක්‍රීඩාවේ NFTs අපට අපගේ රසිකයින් සමඟ වෙන කවරදාටත් වඩා සම්බන්ධ වීමට ඉඩ සලසයි.

සෑම පියවරකදීම මට ආදරය කරන සහ දිරිමත් කළ පුද්ගලයින් සමඟ මගේ ක්‍රිකට් ගමනේ වටිනා සංකේත බෙදා ගැනීමට Colexion සමඟ හවුල් වීමට ලැබීම ගැන මම සතුටු වෙමි,” යුවරාජ් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7