Cricket NewsEXCLUSIVEInternational

යුවරාජ් සිං 2024 T20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ප්‍රධාන තුරුම්පුව ලෙස සූර්යකුමාර් යාදව් නම් කරයි.

T20 ලෝක කුසලානය 2024 සඳහා වන සංචිතය ප්‍රකාශයට පත් කිරීමේ අවසාන දිනය මැයි 1 වනදාට ආසන්න වීමත් සමඟ, තරඟාවලිය සඳහා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඕනෑම දිනක ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කිරීමට පුලුවන්.

විරාත් කෝලි, නායක රෝහිත් ෂර්මා, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට් සහ ජස්ප්‍රිත් බුම්රා වැනි ක්‍රීඩකයන් අයිපීඑල් තුළ කැපී පෙනෙන දස්කම් දක්වා ැති අතර 2024 ලෝක කුසලානය දක්වා ඔවුන්ගේ දස්කම් ඉන්දීය කණ්ඩායමට සැලකිය යුතු වාසියක් වනු ඇත, එමගින් ඔවුන්ගෙ විශ්වාසය සහ ඉදිරි තරඟාවලිය සඳහා අපේක්ෂාවන් ඉහළ නංවනු ඇති බව විචාරකයන් මත පලකරයි.

මේ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ඉන්දියාව වෙනුවෙන් ප්‍රධාන තුරුම්පුව ලෙස සූර්යකුමාර් යාදව්ගේ වැදගත්කම අවධාරණය කර තිබේ. මීට අමතරව, ඔහු ජස්ප්‍රිත් බුම්රා සහ යුස්වේන්ද්‍ර චාහල් අත්‍යවශ්‍ය පන්දු යවන්නන් ලෙස ඔහු සලකයි, ඔවුන්ගේ දස්කම් තරඟාවලියේ ඉන්දියාවේ සාර්ථකත්වයට තීරණාත්මක වනු ඇති බව ICC වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“සූර්යකුමාර් යාදව් (ඉන්දියාවේ ප්‍රධාන ක්‍රීඩකයා). මොකද ඔහු ක්‍රීඩා කරන ආකාරය අනුව ඔහුට පන්දු 15කින් ක්‍රීඩාවක ස්වරූපය වෙනස් කළ හැකියි. ඒ වගේම ඔහු අනිවාර්යයෙන්ම සහතිකයි… ඉන්දියාවට මෙම T20 ලෝක කුසලානය දිනා ගැනීමට, සූර්යයා තුරුම්පුවක් වෙනවා.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මම හිතන්නේ ජස්ප්‍රිත් බුම්රා ද පන්දු යැවීමේ ප්‍රධානියා වන අතර හොඳින් පන්දු යවමින් සිටින යුස්වේන්ද්‍ර චාහල් වැනි පා දඟ පන්දු යවන්නෙකු ද සංචිතයේ දැකීමට මම කැමතියි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button