Cricket NewsEXCLUSIVE

ප්‍රශ්නය යෝග්‍යතා පරීක්ෂණය නොවේ – භානුක රාජපක්ෂගේ හදිසි ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ අද දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙන බව අද උදෑසන ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා.

කෙසේ නමුත් භානුක රාජපක්ෂගේ මෙම ඉල්ලීම පිටුපස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය දැඩි කරමින් කිලෝමීටර දුර ප්‍රමාණය මිනිත්තු 8 කුත් තප්පර 10ක කාලයක් තුළ සිදු කිරීමත් Skin Folds අගය 80 සිට 70 දක්වා අඩු කිරීම යන කාරණයත් සැලකිල්ලට ගෙන තිබෙන බව ක්‍රිඩා මාධ්‍ය අනාවරණය කර සිටියා.

කෙසේ නමුත් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පවසා සිටියේ භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී ඇති බවත් ලිපිය සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ඔහුගේ ලිපියේ කොටසක් උපුටා දක්වමින් ක්‍රිකට් ආයතනය සදහන් කර සිටින්නේ භානුක ක්‍රීඩකයකු ස්වාමි පුරුෂයෙකු ලෙස ඔහුගේ තත්ත්වය ඉතා ප්‍රවේශමෙන් සලකා බලා මෙම තීරණය ලබාගත් බවත් ඒ පියෙකු වීමේ අපේක්ෂාවෙන් සහ පියෙකු ලෙස සිය පවුලේ වගකීම නිසියාකාරව ඉටුකිරීමට බවත්ය.

කෙසේ නමුත් ක්‍රිකට් ආයතන ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවද එම ලිපියේ සඳහන්ව තිබෙනවා.

කෙසේ නමුත් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සහ Skin Folds පරීක්ෂණය පිළිබඳව ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍යට නිකුත් කල ලිපියේ සඳහන්ව නොතිබීමත් විශේෂත්වයක්.

ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍යට නිකුත් කල ලිපිය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7