Cricket NewsEXCLUSIVEIPLPremier League

රාජස්ථාන් රෝයල්ස් පිතිකරු, ජොස් බට්ලර් විසින් ඩේවිඩ් වෝනර් පසු කරමින් නව IPL වාර්තාවක් තැබීමට ඊයෙ සමත් උනා – විස්තරය මෙතනින්

IPL 2022 Live Cricket Scores, News, Stats, Schedules, Results, Highlights, Photos, Videos – NDTV Sports

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයෙ රාත්‍රීයේ Ahambadbad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූනා.

ඉන්දිය සිනමා ගායක සුපිරි තරු රැසකගේ වර්ණවත් උත්සවයකින් පසු ආරම්භ වූ තරඟයේන් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව 7 කින් තරඟය ජය ගත් Gujarat Titans කණ්ඩායම සිය කුළුඳුල් IPL තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුයේ IPL වංශකතාවේ නව පරිජ්ජේදයක් ආරම්භ කරමිනි.

ඒ අනුව වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහිමකට පත් වීමට සිදු වුනා.

IPL 2022 Schedule, Fixture, Team List, Venue, Groups and Time Table - Outlook India

අවසන් මහා තරඟයේ කාසියේ වාසියේ දිනු Rajasthan Royals නායක Sanju samson පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 130 පමණයි.

Rajasthan Royals ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jos Buttler ලකුණු 39ක් රැස් කළ අතර ඒ සදහා ඔහු පන්දු 35ක් වැය කළා. Yashasvi Jaiswal ලකුණු 22ක් රැස් කළ අතර නායක Sanju Samson ලකුණු 14ක් රැස් කළා.

පන්දු යැවීමේදි Rajasthan Royals කණ්ඩායම සම්පුර්ණයෙන්ම සිය පාලනය යටතට ගත් නායක Hardik Pandya ප්‍රමුඛ පන්දු බලඇණිය නම් දැරෑ Rajasthan Royals පිතිකරුවන් පිටිය මැද අසරණ කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් Gujarat Titans පිතිකරුවන් පනදුවාර 18.1 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ 125,000කට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ප්‍රිතී ඝෝෂා මධ්‍යයේය.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් පිතිකරු ජොස් බට්ලර් පසුගියදා IPL ඉතිහාසයේ එක් වාරයක දී විදේශීය ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු වාර්තාව බිඳ දැමීය.

RR vs RCB: I Think I Have Now Adopted Jos Buttler As My Second Husband It Seems: Says Rassie van der Dussen's Wife Lara

මෙම IPL වාරයේ දී බට්ලර් ලකුණු 863ක් රැස් කළේය.

බට්ලර් 2016 IPL වාරයේ සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් ඩේවිඩ් වෝනර් රැස් කළ ලකුණු 848 අභිබවා ගියේය.

David Warner: An endearing family man and a social media sensation | Sports News,The Indian Express

IPL තරඟ වාරයක වැඩිම ලකුණු ලාභියා වන්නේ ඉන්දීය පිතිකරු විරාත් කෝලි වන අතර ඔහු 2016 වාරයේදී ලකුණු 973ක් රැස් කළේය.

Virat Kohli Surpasses Aaron Finch To Become The Fifth-Highest Run-Scorer In T20 History

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button