Cricket GossipCricket NewsEXCLUSIVE

සචින් සහ සනත් හට මුරලි 800 චරිතාපදානයේ ප්‍රචාරක පටය එළිදැක්වීමට ආරාධනා ලැබේ.

මුත්තයියා මුරලිදරන් ගේ චරිතාපදානය – 800 එළිදැක්වීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ආරාධනා කර තිබේ.

අඟහරුවාදා මුරලිගේ චරිතාපදානයේ පූර්ව ප්‍රචාරක පටය මුම්බායිහිදී නිකුත් කිරීමට නියමිතය.

51 හැවිරිදි ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන්නා 2010 ජූලි 22 වන දින ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරඟයේදී සිය 800 වැනි කඩුල්ල දවා ගනිමින් සිය ටෙස්ට් දිවිය අවසන් කළේය.

අහඹු ලෙස මුරලි ද ඉන්දියාවට දුරින් නෑකමක් ඇත්තෙකි. ඔහු 2005 මාර්තු 21 වැනි දින චෙන්නායිහි උපන් මධිමලර් රාමමූර්ති සමඟ විවාහ විය.

මුරලිගේ සහ ඔහුගේ බිරිඳගේ චරිත නිරූපණය කරන්නේ මධුර් මිට්ටල් සහ මහිම නම්බියාර් විසිනි.

චරිතාපදානයේ රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ සිදු විය.

චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය සමඟ මුරලි පැමිණීමට නියමිතය. ඒ වගේම ශ්‍රී ලාංකේය විශිෂ්ට ගණයේ සනත් ජයසූරියටත් ආරාධනා කර ඇති අතර ඔහු විශේෂ ආරාධිතයෙකු ලෙස පූර්ව ප්‍රචාරක පටය එලි දැක්වීමට පැමිණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7