Cricket NewsEXCLUSIVEInternational
ආච්චි නිසා එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් අයිපීඑල් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කරයි.
තම ආච්චි අම්මා මියයෑම හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් අයිපීඑල් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කරයි. අයිපීඑල් වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15කට) මිල දී ගත් හැරී බෲක් මෙලෙස ඉවත්වීම වෘත්තීමය නොවන හැසිරීමක් ලෙස සලකා මේ ගැටලුව විසඳීමට මැදිහත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇත.
ක්‍රීඩකයා ප්‍රකාශ කළේ දුකට පත් පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට තමාට අවශ්‍ය බවයි. “පසුගිය මාසයේ මට මගේ ආච්චි අහිමි වුණා. ඇය මට පර්වතයක් වගේ. මම මගේ ළමා කාලය ගත කළේ ඇගේ නිවසේ” එංගලන්ත පිතිකරු පැවසීය. හැරී බෲක් සිය ආච්චිගේ මරණයෙන් පසු ඔහුගේ මානසික යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් ඉවත් වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1