Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket
“අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා” අයිසීසී සම්මානය දෝතට ගත් චමරි කියයි

ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ අතර, ඇයට හිමි සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් චමරි අතපත්තු වෙත පසුගියදා ප්රදානය කරන ලදි. පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින පිටියේ සියලු ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් දක්වන ලද සුවිශේෂී දක්ෂතා අනුව චමරි අතපත්තුට මේ උසස්ම සම්මානය පිරිනැමුවේය. එක්දින පිතිකරණ ලැයිස්තුවේ ඉහළින්ම තම ස්ථාවරය පවත්වා ගනිමින් හා තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස දස්කම් දක්වමින් ඇය දෙස් – විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූවාය.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම ඡායාරූපය ද සමඟ සටහනක් තබමින් පැවැසුවේ “අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා” යනුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
1
+1
3
+1
+1
+1