Cricket NewsEXCLUSIVEInternational

විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට පෙරහුරු තරග දෙකක්

ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන මෙවර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ වීමට පෙරාතුව පෙරහුරු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම පෙරහුරු තරග දෙකම ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පිහිටි බ්‍රෝවඞ් කවුන්ටි්‍ර ක්‍රීඩාංණයේදී පැවැත්වෙන අතර ඉන් පළමු වැන්න මෙම මස 28 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද, දෙවැන්න 31 වැනිදා අයර්ලන්තයට එරෙහිවද පැවැත්වෙනු ඇත.

මෙම තරග දෙකම එරට වේලාවෙන් පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිත ඇති අතර ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින කාල පරතරය පැය 9.30 ක් වන බැවින් එම තරග දෙක ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ය.

පෙරහුරු තරග සඳහා සහභාගිවන කණ්ඩායමේ දෙකටම සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 15 දෙනාම පන්දු යැවීමටත්, පන්දුවට පහරදීමටත් යොදාගත හැකි අතර පන්දු රැකීම සඳහා යොදාගත හැකි වන්නේ ක්‍රීඩකයන් 11 දෙනකු පමණි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මූලික වටයේ තරග දකුණු අප්‍රිකාවට එරෙහිව ජූනි 3 වැනිදාද, බංග්ලාදේශයට එරෙහිව ජූනි 7 වැනිදාද, නේපාලයට එරෙහිව ජූනි 11 වැනිදාත්, නෙදර්ලන්තයට එරෙහිව ජූනි 16 වැනිදාද පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button