Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංකට ආබාධයක් – හෙට ක්‍රීඩා කරන කන්ඩායම මෙන්න

ශ්‍රි ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංක පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වී තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය ගැන තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා නොවෙන අතර හෙට තරගයට ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වේවිද යන්න අවිනිශ්චිත තත්ත්වයකට පත් ව තිබෙනවා.

එසේම හෙට තරගයට ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කන්ඩායම ගැන ශ්‍රි ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කරා. ඒ අනුව ඔහු පවසන පරිදි තවමත් හෙට ක්‍රීඩා කරන කන්ඩායම නිල වශයෙන් තීරණය කර නොමැති බවත් බොහෝ දුරට ආසියානු කුසලානයේ අවසන් තරගය ක්‍රීඩා කල පිතිකරන ලැයිස්තුව හෙට දිනයේ ක්‍රීඩා කිරීමට හැකි බවත් ඔහු පවසනවා.

එසේම චරිත් අසලංක වැනි දක්ෂ ක්‍රීඩකයෙක් සංචිතය තුල සිටීම ඉතාම වටිනා බවත්. කන්ඩායමට අවශ්‍ය ඕනෑම වෙලාවක කිසිදු පැකිලීමකින් තොරව ආදේශ කල හැකි දක්ෂයෙක් ලෙස නවීඩ් නවාස් චරිත් අසලංකව හදුන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button