Cricket NewsEXCLUSIVELPL

වනිඳු හසරංග ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත් වෙයි – මෙවර නව කණ්ඩායමකට.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම එළඹෙන ජුලි 31 වැනදා සිට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා දැනුම් දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නව කණ්ඩායමක් සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු පසුගිය වසරේ දී, LPL තරගාවලිය නියෝජනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත්වීමට අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.එම ඉල්ලීමට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වනිඳු හසරංගට නව කණ්ඩායමට එක්වීමට අවසර ලබාදී ඇති බවට ද වාර්තා වනවා.

වනිඳු 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු 2021 තරඟාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) කිරීම අනිද්දා (05) සිදු කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7