Cricket NewsEXCLUSIVELPL

අකුණු සැරක වේගයෙන් දුෂ්මන්ත චමීර යැවූ මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ වේගවත්ම පන්දුව.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වී තිබෙන අතර ඊයේ තරඟාවලියේ Eliminator තරඟය Colombo Stars සහ Dambulla Giants අතර පැවැත්වුනා.

එම තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කරමින් තවදුරටත් තරගාවලිය රැඳී සිටීමට දඹුල්ල කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වූවා.

මෙම තරගයේ දී Dambulla Giants කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිරෝෂන් දික්වැල්ලට හිමි වු අතර ඒ පසු ගිය තරඟයේදී නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙනි.කෙසේ වෙතත්, දික්වැල්ලට මෙම තරගයේ දී ලකුණු අතරට පැමිණීමට Colombo Stars කණ්ඩායමේ දුෂ්මන්ත චමීර ඉඩ ලබා දුන්නේ නැහැ.

Dambulla Giants ඉනිමේ පළමු පන්දුවෙන්ම දික්වැල්ලගේ කඩුල්ල දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුනා.

පන්දුව යැවූ දුෂ්මන්ත චමීර විසින්ම උඩ පන්දුව රැක ගැනීම හේතුවෙන් දික්වැල්ල දැවී ගිය අතර දුෂ්මන්ත චමීර විසින් එම පන්දුවාරයේ අවසන් පන්දුව පැයට කිලෝ මීටර් 150 ඉක්මවූ වේගයකින් යොමු කරමින් තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීම ද කැපී පෙනුණ සිදුවීමක් වුවා..

කෙසේ වෙතත්, තමා විසින් පිහිටු වූ එම වාර්තාව ඔහු විසින් යොමු කළ ඊළග පන්දුවාරයේ දී ම බිද දැමීමට දුෂ්මන්ත සමත් වුණේ පැයට කිලෝ මීටර් 150.6ක වේගයකින් පන්දුව යොමු කරමිනි.

දුෂ්මන්ත චමීර විසින් යොමු කර ලද මෙවර තරඟාවලියේ වේගවත්ම පන්දුවේ වීඩියෝ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button