Cricket NewsEXCLUSIVEInternational

අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව තේරීමේ තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව තේරීමේ කෙටි ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇතුළත් කර ඇත. චමරි මෙම ගෞරවනීය තත්ත්වය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දිනා ගැනීමට සමත් වූවාය. ඇය සමඟ මෙවර තරගයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස් හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායිකා ලෝරා වොල්වාඩ් ද නම් කර සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බලගතුම නායිකාව ලෙස ප්‍රකට චමරි අතපත්තු පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවේ සහ මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින සහ විස්සයි20 තරගාවලි හරහා විශිෂ්ට දස්කම් දැක්වූවාය. දකුණු අප්‍රිකාවේදී අර්ධ ශතක දෙකක් සහ ස්කොට්ලන්තයට එරෙහිව අබුඩාබි හි පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී තවත් අර්ධ ශතකයකන් ලබා ගැනීමට චමරි සමත් වූවාය.

පාකිස්තානයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ කාන්තා එක්දින හා විස්සයි 20 තරගාවලියේදී නොදැවී ලකුණු 140ක් සමඟ ශතක දෙකක් එමෙන්ම තවත් අර්ධ ශතක 3ක් රැස්කර ගැනීමට හේලි මැතිව්ස් සමත් වූවාය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායිකා ලෝරා වොල්වාඩ් ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 184ක් හා ශතක දෙකක්, අර්ධ ශතකයක් අප්‍රේල් මාසයේ තරගවලදී ලකුණු අතරට පිවිසියාය.

අයිසීසී අප්‍රේල් මාසයේ පිරිමි ක්‍රීඩකයා තේරීමේ කෙටි ලැයිස්තුවට පාකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි, නැමීබියාව වෙනුවෙන් නායක හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භක පිතිකරු මුහම්මද් වසීම් නම්කොට තිබේ.

අෆ්රිඩි නවසීලන්තය සමග පැවති විස්සයි20 තරගාවලියේදී දක්ෂතා පෙන්නුම් කළ අතර, තරගමාලාව 2-2ක් ලෙස අවසන් විය. දෙවැනි විස්සයි20 තරගයේදී අෆ්රිඩි ලකුණු 13කට කඩුලු 3ක් දවාගත් අතර, තවත් තරගයකදී ලකුණු 30කට කඩුලු 4ක් බිඳහෙළුවේය.

ගර්හාර්ඩ් ඉරැස්මස් අප්‍රේල් මාසයේදී ඕමානයට එරෙහි තරගවලදී ලකුණු 145ක් සහ කඩුලු 8ක් බිඳහෙළුෑ අතර, දෙවැනි විස්සයි20 තරගයේදී ලකුණු 7කට කඩුලු 3ක් බිඳ හෙළීය. මුහම්මද් වසීම්ඕමානයට එරෙහිව ශතකයක්, බහරේනයට එරෙහිව අර්ධ ශතකයක් සමඟ අප්‍රේල් මාසයේදී ලකුණු 269ක් ලබා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button