Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලානය ඉලක්ක කරමින් ඔස්ට්‍රේලියාව බර අවි කැඳවීමට සැරසෙයි – IPL හි සුපිරි දස්කම් දැක්වූ සිංගප්පුරු ක්‍රීඩක Tim David ඕස්ට්‍රේලියාවට.!

මේ දිනවල එක්සත් රාජධානියේ පැවැත්වෙන Vitality Blast විස්සයි විස්ස තරඟාවලියේ හොඳින් දස්කම් අතර සිටින සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ටිම් ඩේවිඩ්ගේ මීලඟ නවාතැන ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියද සාර්ථක ලෙස නිමා කල 26 හැවරිදි ඔහු ලොව වටා ප්‍රමුඛ පෙලේ ලීග් තරඟාවලි තුල වර්ථමානයේ සිටින ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 14 කට සිංගප්පූරුව නියෝජනය කරමින් එක්වූ ඩේවිඩ් සමස්තව ගත් කල විස්සයි විස්ස තරඟ 93 කදී ලකුණු 2246 ක හිමිකරුවෙකි. ලකුණු 34.55 ක සාමාන්‍යක්හා 164.90 ක ප්‍රහාරක වේගයක් සහිත මැදපෙල පිතිකරුවෙකු දෙස ඔස්ට්‍රේලියාව සුළුපටු තැකීමක් නොකරණු ඇත.

බොහෝ විට ඔහු BBL තරඟාවලිය තුල මෙන්ම සෙසු තරඟාවලි ‍රැසකදීද ඔස්ට්‍රේලියානු තරණතීරු තුල හොඳින් දස්කම් දැක්වීය.

එලඹෙන ලෝක කුසලානයට පෙර කොදෙව්වන්ට,එංගල්න්තයට හා ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලි තුනකට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත අතර බොහෝ විට එම තරඟාවලින්හිදී ටිම් ඩේවිඩ් ඔස්ට්‍රේලියානු ජර්සියෙන් හැඩ ගැන්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ඔහු දැන් ටික කාලයක සිට විශිෂ්ඨ රිද්මයක සිටිනවා IPL හි අවසන් තරඟ කිහිපය ඔහුට අපූරු එකක් වුණා , එය ඔහුගේ හොඳම අවස්ථාව විය” Cricket.com.au වෙත අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු නායක ෆින්ච් කියා සිටියේය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඩේවිඩ්ගේ පිතිකරණය දෙස සමීපව බලාසිටින්නට රාජස්තාන් පිතිකරු මැතිව් වේඩ්ට හැකි විය. ඔහු සඳහන් කරන්නේ ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කරනු ඇති බවය.

“ඔහුට ලෝකයේ ඕනෑම ක්‍රීඩකයෙකුට ඇති තරම් බලයක් බලයක් තිබෙනවා ඔහු (IPL) තරඟාවලිය අවසන් කළ ආකාරය ගැන මම ඇත්තෙන්ම සතුටු වෙනවා. ඔහු තරඟ දෙකකින් පසුව කණ්ඩායමෙන් අතුරුදහන් වුණා. එය තරමක අභිරහසක් වගේ වුණත් පසුව ඔහුගේ මාර්ගය ඔහු සොයා ගත්තා. මේ ලෝක කුසලානය වේවා ඊලඟ ලෝක කුසලානය වේවා, ඔහුට තවමත් ඕනෑ තරම් කාලය තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යනවා, ඒ ගැන කිසිම සැකයක් නැහැ,” මැතිව් වේඩ් පැවසීය.

මේ වන විට ලැංක්ශර් පිල වෙනුවෙන් තරඟ වදින ටිම් ඩේවිඩ්ගේ අවසන් ඉනිම් දෙක තුලදී අර්ධශතකයක්ද සමඟින් ලකුණු 95 ක් රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා සංචාරය සඳහා වන විස්සයි විස්ස සංවිතයට ඔහු ඇතුලත් නොවන මුත් ලෝක කුසලාන තරඟාවලියට පෙර ඩේවිඩ් ඔස්ට්‍රේලියානු මැද පෙල ශක්තිමත් කිරීමට එක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button