Cricket NewsEXCLUSIVE

රංජන් මඩුගල්ලේ, කුමාර් ධර්මසේන මහතා ඇතුළු සිංහ කැන්ගරු සංග්‍රාමයේ තරඟ නිලධාරීන් නම් කෙරේ.!

එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.

ඒ අනුව දින 50 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩාංගණ 3 ක පැවැත්වෙන තරගාවලියේ තරග නිලධාරීන් මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දෙරට අතර තරගාවලියේ තරග තීරකවරුන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට අමතරව ඉන්දීය ජාතික ජවගාල් ශ්‍රීනාත් මහතාත් මෙවර තරගාවලියේ තරග තීරකවරයකු ලෙස කටයුතු කරයි.

දෙරට අතර පළමුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සහ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී දේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතත් ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු පරිදි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ විනිසුරුවන්ගේ දායකත්වය ලබා ගැනීමට පියවර ගැනීම විශේෂත්වයකි.

ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියක් සඳහා විදෙස් රටවලින් තරග තීරකවරයකු සහ විනිසුරුවරුන් පැමිණෙන පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය සනිටුහන් වේ.

ඒ අනුව ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු පරිදි කුමාර් ධර්මසේන ප්‍රධාන විනිසුරුවරයකු ලෙස ඇතුළත් වද්දී සෙසු ප්‍රධාන විනිසුරුවන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ සාමාජිකත්වය ලද එංගලන්ත ජාතික මයිකල් ගෆ් සහ ඉන්දීය ජාතික නිටින් මෙනන් යන මහත්වරු මෙවර තරගාවලියේ විනිසුරුවෝ ලෙස කටයුතු කරති.

ඔවුන් දෙදෙනාට අමතරව රුචිර පල්ලයගුරුගේ සහ ලින්ඩල් හැනිබල් මහත්වරුද ටෙස්ට් තරගාවලිය සදහා නම් කර සිටින විනිසුරු මඬුල්ලට ඇතුළත්ව සිටිති.

තරග තීරක සහ විනිසුරු මණ්ඩලය

තරග තීරකවරුන් – රංජන් මඩුගල්ලේ මහතා (අන්තර්ජාතික තරග තීරක මඩුල්ලේ ප්‍රධානී)

ජවගල් ශ්‍රීනාත් මහතා (අන්තර්ජාතික තරග තීරක මඩුල්ලේ සාමාජික)

එක්දින සහ විස්සයි-20 තරග සදහා නම් කරන ලද විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන (අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල, රුචිර පල්ලයගුරුගේ (ICC. විනිසුරු) , රවීන්ද්‍ර විමලසිරි (ICC. විනිසුරු), ලින්ඩල් හැනිබල් (ICC විනිසුරු), ප්‍රගීත් රඹුක්වැල්ල (ICC විනිසුරු)

ටෙස්ට් තරගාවලිය සදහා නම් කරන ලද විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල), මයිකල් ගෆ් (ICC, ප්‍රධාන විනිසුරු මඬුල්ල) , නිටින් මෙනන් (ICC. ප්‍රධාන විනිසුරු මඬුල්ල), රුචිර පල්ලයගුරුගේ(ICC. විනිසුරු), ලින්ඩල් හැනිබල් (ICC. විනිසුරු)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button