Cricket NewsEXCLUSIVE

ප්‍රමෝද්‍ය ඇතුලු ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කරමින් එම තනතුරු සඳහා වඩාත් සුදුසු අය සිටින බව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව කියයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවකි. ඇදහිය නොහැකි මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණයන් සේම අඳුරු පරාජයන් ද සමග ඉදිරියට යන ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරෙන් පසුව නැවතත් කෙමෙන් කෙමෙන් කැපී පෙනෙන දස්කම් දක්වන කණ්ඩායමක් බවට පත් වෙමින් සිටින බවට උදාහරණ ඕනා තරම්ය. ආසියානු කුසලාන ජයග්‍රහණය ඊට ආසන්නතම නිදසුනයි.

අඳුරු ක්‍රිකට් කාලසීමාවේ සිට හිස ඔසවන මෙම මට්ටම දක්වා, වරෙක ක්‍රිකට් රසිකයන්ගෙන් ද ක්‍රීඩා මාධ්‍යන්ගෙන් ද රට කරවන දේශපාලකයන්ගෙන් ද විටින් විට ආ බැනුම් ගැරහුම් මැද ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ආ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කළ බව දන්වමින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇත.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු තේරීම් කමිටුව වසර 2ක් සඳහා 2021 වසරේ දී වැඩ බාරගත් අතර මේ වන විට ඔවුන්ගේ නියමිත ධුර කාලය අවසන් ව ඇති අතර ඒ හේතවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සහ තවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ නම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට ලබා දී තිබෙනවා.

ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යවමින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පෙන්වා දී ඇත්තේ එම තනතුරු සඳහා වඩාත් සුදුසු අය සිටින බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් තේරීම් කමිටුවක් තෝරා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව ඔවුන් විශ්වාස කරන බව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව එහි සඳහන් කර තිබෙන අතර ඒ අනුව සුදුස්සන් තේරීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇත. මීට පෙර තේරීම් කමිටු වල නොසිටිය පුද්ගලයන් බොහෝදුරට ඉදිරියේ දී පත්වීමට නියමිතව තිබෙනවා.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයන් පහතින්,

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (සභාපති)
අර්ජුන් ප්‍රනාන්දු මහතා (ලේකම්)
ආචාර්ය මයියා ගුණසේකර (සාමාජික)
ප්‍රසන්න චන්දිත් (සාමාජික)
සනත් ජයසූරිය (සාමාජික)
මැක්ස්වෙල් ද සිල්වා (සාමාජික)
තිලකා ජිනදාස (සාමාජික)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7