Cricket NewsEXCLUSIVE

දසුන් ශානක ප්‍රමුඛ ආසියානු ශූරයන් කුසලානයද සමග දිවයිනට – ගුවන්තොටුපළදී ඔවුන් පිළිගැනීමට විශේෂ උත්සවයක්.!

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබුවේ අවසන් මහා තරඟයේදි ප්‍රභල පකිස්තානය පරාජය කරමිනි.

ඒ අනුව ජයග්‍රාහි ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානයද සහිතව අද උදෑසන 5.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුනේ මෙලෙසින්,

තව සුළු මොහොතකින් කණ්ඩායම ජයග්‍රාහී පෙළපාලියකට සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ‘ඩබල් ඩෙකර්’ බස් රථය කොළඹ-කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ පැමිනෙන අතර එයට ක්‍රිකට් රසිකයන්ට සම්භන්ද වීමට හැකියාව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button