මුරලිට ඉන්දියාවෙන් ‘ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර ලකුණ’ ලෙස ගෞරව සම්මානයක් ලැබේ.
ඉන්දියාවේ සුප්‍රකට ස්පෝර්ට්ස්ටාර් සඟරාවේ වාර්ෂික සම්මාන උලෙළේදී මුත්තයියා මුරලිදරන් ‘ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර ලකුණ’ ලෙස ගෞරව සම්මානයට පාත්‍ර විය. ටෙස්ට් පිටියේ කඩුලු 800 සම්පූර්ණ කළ පළමු හා එකම පන්දු යවන්නා වන මුරලිදරන් පසුගියදා පැවති එම සම්මාන උලෙළේදී ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කර් අතින් සම්මානය ලබා ගත්තේය.
ස්පෝර්ට්ස්ටාර් වාර්ෂික සම්මාන උලෙළේ පළමුවරට පිරිනමනු ලැබූ එම සම්මානයට මුරලිදරන් තරම් සුදුසු තවත් ක්‍රීඩකයකු නැතැයි සම්මාන උලෙළේ සංවිධායකවරුන් වන ‘හින්දු’ පුවත්පත් ජාලය නිවේදනය කර තිබේ.
මෙහිදී අදහස් පළ කළ මුරලිදරන් කියා සිටියේ ඔහු දුටු පළමු ජාත්‍යන්තර තරගයේදී සුනිල් ගවස්කර් සහ කපිල් දේව් ක්‍රීඩා කළ බවය. ගැටලු රැසකට මුහුණ දුන් රටකට ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් වටින්නේදැයි පැහැදිලි කරමින් මුරලිදරන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සියලු තරුණ කොටස්වලට එක හා සමාන සතුටක් ගෙන දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් බවය. ක්‍රිකට් ක්‍රීඩාව රටේ වෙනත් ගැටලු සියල්ල මොහොතකින් අමතක කර දැමීමට තරම් ප්‍රබල බවත් ඔහු කියා සිටියේය.