මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ තණතිලි 10කින් යුත් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද සිසු අයිතියට
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ තණතිලි 10කින් යුත් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (23) සිසු අයිතියට පැවරීමට නියමිතය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත ක්‍රීඩාංගණයේ තණතිලි සකස් කර තිබෙන අතර තණතලි 10ක් මෙරට කිසිදු පාසල් ක්‍රීඩාංගණයක නොමැති යැයි විද්‍යාර්ථ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රංජිත් වීරසිංහ මහතා පවසයි. විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පසුගියදා (20) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ඒ මහතා පාසල් කාලයේදී තමන්ට අත්විඳින්නට නොහැකි වූ පහසුකම් වත්මන් සිසුන්ට අත්කරදීම ආදි සිසුන්ගේ වගකීම බවත් මෙරට සෑම පාසලක්ම ක්‍රීඩා අංශයෙන් දියුණුවක් අත්පත්කරගනු ලබන්නේ ආදි ශිෂ්‍ය සංගම් මඟින් ලබාදෙන පහසුකම් හේතුවෙන් බවත් ඒ මහතා කීය. වසර 83ක ඉතිහාසයක් ඇති විද්‍යාර්ථ විදුහලට හිමි වූ විශාලතම දායාදයක් ලෙස මේ ක්‍රීඩාංගණය හැඳින්විය හැකි බවත් මහනුවර හා ඒ අවට ඕනෑම පාසලක ක්‍රිකට් කණ්ඩායමකට මේ තණතිලි පුහුණුව සඳහා ලබා දීමට සූදානම් බව ද ඔහු පැවසුවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැති ධුරය හෙබවූ සමයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එය සිසු අයිතියට පත් කිරීම තරමක් ප්‍රමාද වී තිබේ. දැනට අවුරුදු 13,15 හා 17 න් පහළ ක්‍රිකට් තරග පැවැත්වීමට තරම් විශාලත්වයෙන් යුත් ක්‍රීඩාංගණය දෙවැනි අදියර යටතේ 19න් පහළ ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි සේ පුළුල් කරන අතර, මේ වන විට විද්‍යාර්ථ විදුහල සතුව ව්‍යායාම මධ්‍යස්ථානයක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඇති අතර, ඉදිරි වසර එකහාමාරකදී පිහිනුම් තටාකයක් ඉදිකර සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පැවසුවේය. මේ අවස්ථාවට විද්‍යාර්ථ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති සිරිවර්ධන පිටිගල, භාණ්ඩාගාරික තිස්ස අමුණුගම යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.