Cricket NewsEXCLUSIVET10 League

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසකගේ සහබාගිත්වයෙන් ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ – සියලු විස්තර මෙන්න.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය වන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද ආරම්භ වනවා.

මෙවර තරගාවලිය එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6ක්. තරගාවලිය දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සංඛ්‍යාව 7ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනෙකු මෙවර T10 ලීගය ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත් මෙවර ක්‍රීඩා කරනු ලබන්නේ ක්‍රීඩකයන් 7 දෙනෙකුය.

ද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි. භානුක රාජපක්ෂ, ඇන්ජෙලෝ පෙරේරා හා ධනංජය ලක්ෂාන් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද එම කණ්ඩායමට ඇතුළත්.

ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සදහාත්, වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සදහාත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

උපුල් තරංග ක්‍රීඩා කරන්නේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමටයි.

තරගාවලියේ පළමු තරගය දිල්ලි බුල්ස් හා නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන අතරත්, දෙවැනි තරගය අබුඩාබි කණ්ඩායම (Team Abu Dhabi) හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතරත් අද අබුඩාබි හිදි පැවැත්වෙනවා.

එම තරග දෙක මෙරට වේලාවෙන් පිළිවෙලින් අද රාත්‍රී 7.30ට හා රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට සියත TV සහ වසන්තම් TV ඔස්සේ තරගාවලිය සජීවිව නැරඹිය හැකිය. Peo Tv හා Dialog Tv මගින් නරඹන්නන් හට Colors TV හරහා නැරඹීමට හැකිය.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කරන්නේ මෙලෙසයි.

The Chennai Braves කණ්ඩායම

දසුන් ශානක (නායක)
ධනංජය ලක්ෂාන්
භානුක රාජපක්ෂ
ඇන්ජලෝ පෙරේරා

Bangla Tigers කණ්ඩායම

ඉසුරු උදාන

Deccan Gladiators කණ්ඩායම

වනිදු හසරංග

Northern Warriors කණ්ඩායම

උපුල් තරංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button